සිග්නල් නෑ කියලා හොය හොය දුක් වුණු කාලේ ඉවරයි, කිසි කේස් එකක් නැතුව ඉන්ටර්නෙට් යන්න මෙන්න චාන්ස් එකක්
අමෙරිකාවේ ස්ටාර්ලින්ක් අන්තර්ජාල පහසුකම ශ්‍රී ලංකාවේ ක්‍රියාත්ම වීම ඔස්සේ මේ වන විට ලෝකයේ ක්‍රියාත්මක වන ඉහළම අන්තරජාල සේවා තාක්ෂණය මෙරටෙහිද බල ගැන්වෙන බව ස්ටාර්ලින්ක් හි ශ්‍රී ලංකා නියෝජිත ආයතන වන සිංගර් ශ්‍රී ලංකා සමාගම ප්‍රකාශ කරයි.
ඒ අනුව වාර්තා වූයේ සිංගර් ශ්‍රී ලංකා සමාගමේ සමූහ කළමනාකාර අධ්යක්ෂ මහේෂ් විජේවර්ධන පවසන්නේ ස්ටාර්ලින්ක් අන්තර්ජාල පහසුකම ඔස්සේ මෙරට දැනට පවතින අත්ර්ජාල බාධා ඉවත් වන බවයි.
ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවාව පෘථිවි පෘෂ්ඨයට ආසන්න හෝ පහළ පෘථිවි කක්ෂයක් තුළ ස්ථානගත කර ඇති චන්ද්‍රිකා මත පදනම් වූ අන්තර්ජාල පද්ධතියක් ලෙස හඳුන්වයි.
එහිදී විශේෂත්වයක් වන්නේ ෆයිබර් ඔප්ටික් කේබල් භාවිත කිරීම වෙනුවට ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවාව අධි වේගයෙන් දත්ත හුවමාරු කිරීමට චන්ද්‍රිකා දහස් ගණනකින් මෙම ස්ටාර්ලින්ක් අන්තර්ජාල පද්ධතිය සමන්විත වීමයි.
රේඩියෝ තරංග ඔස්සේ අන්තර්ජාල දත්ත කක්ෂයේ ඇති චන්ද්‍රිකා වෙත යැවෙන අතර එය පෘථිවියේ විවිධ ප්‍රදේශවල සිටින පරිශීලකයින් වෙත මුදා හැරෙන බව සඳහන්.

චිචීගේ රොකට් එකෙන් එච්චර හරියක් කරා නම් රාජපක්ෂලා මෙච්චර කල් කට පියන් ඉඳී කියලා හිතනවද? පිස්සුද අහන නලින්ද
එසේම ෆයිබර් ඔප්ටික් කේබල්වලට ළඟා විය නොහැකි දුරස්ථ ප්‍රදේශවලට ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා අන්තර්ජාල සේවාවට ළඟා විය හැකි වීමත් සුවිශේෂී වේ.
අමෙරිකාවේ ස්ථාපිත එලෝන් මස්ක්ගේ අභ්‍යවකාශ ප්‍රවාහන සමාගම වන SpaceX සමාගම ප්‍රථමයෙන් 2019 වසරේදී චන්ද්‍රිකා 60ක් පහළ පෘථිවි කක්ෂයට යොමු කළ අතර 2020 වසරේ ඔක්තෝබර් මාසයේ සිට ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවාව නිල වශයෙන් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව ස්ටාර්ලින්ක් සේවාව මේ වන විට ශ්‍රී ලාංකිකයින්ටද අත්විදීමට හැකි වී තිබෙනවා.
එමගින් මෙරට දැනට පවතින සියලු අන්තර්ජාල බාධා ඉවත් වන බවයි ස්ටාර්ලින්ක් හි මෙරට නියෝජිත ආයතනය වන සිංගර් ශ්‍රී ලංකා සමාගම සඳහන් කර ඇත්තේ.