උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ
2024 අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද (07) නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසයි.
මෙම ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk හෝ www.results.exams.gov.lk යන වෙබ් අඩවිවලට පිවිස, විභාග අංකය හෝ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් ලබා ගත හැකිය.
මෙම නැවත සමීක්ෂණ ප්‍රතිඵල මත 2025 අ.පො.ස. (උසස් පෙළ) විභාගය සඳහා අයදුම් කිරීමට බලාපොරොත්තු වන අයදුම්කරුවන්ට සහ 2025 උසස් පෙළ විභාගය සඳහා අයදුම් කිරීමට නියමිත කාල සීමාව තුළ අයදුම් කිරීමට නොහැකි වූ අයදුම්කරුවන්ට, අද සිට 2025 අගෝස්තු 12 වන දින මධ්‍යම රාත්‍රී 12.00 දක්වා මාර්ගගත (online) ක්‍රමය ඔස්සේ අයදුම්පත් ඉදිරිපත් කිරීමේ අවස්ථාව ලබා දී ඇත.
උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ by rishma