ඕස්ට්‍රේලියාවට යවන්න තිබුණු ඩොලර් මිලියන 2.5 ගැන ඕස්ට්‍රේලියාවෙන් විශේෂ ප්‍රකාශයක්
ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක සයිබර් මංකොල්ලය සම්බන්ධයෙන් සිදුවෙමින් පවතින විමර්ශනය ශ්‍රී ලංකාවේ අධිකාරීන් විසින් මෙහෙයවනු ලබන බවත්, අවශ්‍ය වුවහොත් අමතර සහාය ලබා දීමට ඕස්ට්‍රේලියාව සූදානම් බවත් ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් මැතිව් ඩක්වර්ත් පැවසීය.
මෙම සිද්ධියට අදාළව මුදල් අමාත්‍යාංශයේ පරිගණක පද්ධතියට අනවසරයෙන් ඇතුළු වූ සයිබර් අපරාධකරුවන් විසින් ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක් සොරකම් කර ඇති අතර, එම මුදල් ඕස්ට්‍රේලියාවට ගෙවිය යුතු ගෙවීමක් ලෙස සඳහන් වේ.
ඩො. මිලියන දෙකහමාර දාන්න කළින්ම එය සැක සහිත ගනුදෙනුවක් බව HSBC දෙවරක් අනතුරු අඟවලා - හර්ෂගෙන් හෙළිදරව්වක්
මෙම විමර්ශනය සඳහා ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය (AFP) දැනටමත් සහාය ලබා දෙමින් සිටින බවද ඔහු සඳහන් කළේය.
“අපි දැනටමත් සහාය ලබා දෙනවා. එහෙත්, මෙය ශ්‍රී ලංකාවේ විමර්ශනයක් බව අපි ගරු කරනවා. අමතර සහාය අවශ්‍යද නැද්ද යන්න ශ්‍රී ලංකා බලධාරීන් විසින් තීරණය කරනු ඇත. නියමිත වේලාවට වැඩිදුර සහාය සඳහා කරන ඕනෑම ඉල්ලීමක් අපි සලකා බලනවා”
යැයි, AFP නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණේදැයි විමසූ විට මහ කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසීය.