නව කම්කරු නීති සංශෝධනයෙන් ආබාධ සහිත තැනැත්තන්ට සුබ වෙයි - ආයේ රැකියා ගැන බය වෙන්න දෙයක් නෑ

Report

නව කම්කරු නීති සම්පාදනයේදී ආබාධ සහිත තැනැත්තන්ගේ රැකියා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ රැකියා අවස්ථා පුළුල් කිරීමට විශේෂ නීතිමය ප්‍රතිපාදන ඇතුළත් කිරීමේ යෝජනා රැසක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය විසින් මෙම යෝජනා ඉදිරිපත් කර ඇත්තේ කම්කරු නීති සංශෝධනය සඳහා වන අමාත්‍ය මණ්ඩල අනුමත කමිටුව වෙත බව සඳහන්.

එමෙන්ම එම සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා ඇතුළු නියෝජිත පිරිසක් ඉකුත් නොවැම්බර් 11 වන දින නාරාහේන්පිට මෙහෙවර පියෙස ගොඩනැගිල්ලේ පිහිටි කම්කරු අමාත්‍යාංශයේදී මෙම යෝජනා ඉදිරිපත් කර ඇත.

අද මධ්‍යම රාත්‍රියේ සිට මේ අයගේ වාහන ආදායම් බලපත්‍ර ලබාදීම දින 5කට අත්හිටුවයි - විශේෂ නිවේදනයක්

අද මධ්‍යම රාත්‍රියේ සිට මේ අයගේ වාහන ආදායම් බලපත්‍ර ලබාදීම දින 5කට අත්හිටුවයි - විශේෂ නිවේදනයක්

එබැවින් ආබාධිතභාවය මත රැකියා ලබාදීම ප්‍රතික්ෂේප කිරීම, බඳවා ගැනීමේදී වෙනස්කොට සැලකීම, උසස්වීම් සහ වෘත්තීය පුහුණු අවස්ථා අහිමි කිරීම මෙන්ම අසාධාරණ ආකාරයට සේවයෙන් ඉවත් කිරීම වැළැක්වීමට පැහැදිලි නීතිමය ආරක්ෂාවක් සැලසීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කර තිබෙනවා.

එමෙන්ම, ආබාධ සහිත සේවකයන්ට තම රාජකාරි කාර්යක්ෂමව ඉටුකිරීමට හැකිවන ලෙස සාධාරණ පහසුකම් සැලසීම සේවායෝජකයන්ගේ නීතිමය වගකීමක් බවට පත් කිරීමේ යෝජනාවක් ද ඉදිරිපත් වී ඇත.

ඒ යටතේ සේවා ස්ථානවල ප්‍රවේශ පහසුකම් වැඩිදියුණු කිරීම, අවශ්‍ය උපකාරක තාක්ෂණික උපකරණ ලබාදීම, සේවා කාලය සහ රාජකාරි ක්‍රමවේද අවශ්‍යතාව අනුව සකස් කිරීම මෙන්ම තොරතුරු හා සන්නිවේදන පහසුකම් සියලු දෙනාට ප්‍රවේශ විය හැකි ආකාරයට සකස් කිරීම ද ඇතුළත් බව වාර්තා වේ.

එසේම මෙහිදී රාජ්‍ය අංශයේ ආබාධ සහිත තැනැත්තන් සඳහා පවතින 3%ක රැකියා කෝටාව ඵලදායී ආකාරයට ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී පෙන්වා දී ඇත.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් මහින්ද රාජපක්ෂට හදිසි දුරකථන ඇමතුමක් - 81 වැනි උපන්දිනය වෙනුවෙන් පෞද්ගලිකවම අමතා සුබ පතයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් මහින්ද රාජපක්ෂට හදිසි දුරකථන ඇමතුමක් - 81 වැනි උපන්දිනය වෙනුවෙන් පෞද්ගලිකවම අමතා සුබ පතයි

5 ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු නිකුත් වේ- ඔබේ දරුවාට ලැබුණු පාසල දැන්ම ඔන්ලයින් පරීක්ෂා කරගන්න – නිල වෙබ් අඩවිය මෙන්න

5 ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු නිකුත් වේ- ඔබේ දරුවාට ලැබුණු පාසල දැන්ම ඔන්ලයින් පරීක්ෂා කරගන්න – නිල වෙබ් අඩවිය මෙන්න