රාජාංගනයේ සද්ධාරතන හිමි ඇතුළු දෙදෙනෙකු අනුරාධපුරයේදී අත්අඩංගුවට
By Aylin Zoya
අනුරාධපුර රුවන්වැලි මහා සෑය ආසන්නයේ පැවති සත්‍යග්‍රහ භූමියේදී ඇති වූ ගැටුම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අනුරාධපුර පොලීසියට පැමිණ සිටි රාජාංගනයේ සද්ධාරතන හිමි ඇතුළු තවත් පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ ගැටුමට මුල් වූ බවට චෝදනා එල්ල වී ඇති රාජාංගනයේ සද්ධාරතන හිමි සහ අනෙක් පුද්ගලයා අද (18) අනුරාධපුර පොලීසිය වෙත කැඳවා තිබිණි.
ඒ අනුව, සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් මහින්ද රාජපක්ෂට හදිසි දුරකථන ඇමතුමක් - 81 වැනි උපන්දිනය වෙනුවෙන් පෞද්ගලිකවම අමතා සුබ පතයි