එයාර්බස් ගනුදෙනුවේ නඩුව අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් අවසන් කෙරේ - ඉදිරි නඩුව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේදී

Report

ශ්‍රීලන්කන් ගුවන් සේවයට එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සහ මුදල් විශුද්ධිකරණ සිද්ධිය සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන්ට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවත්වාගෙන ගිය නඩු කටයුත්ත අවසන් කිරීමට අද (18) නියෝග කර තිබේ.

කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා මෙම නියෝගය ලබාදී ඇත්තේ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් නාමල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන්ට එරෙහිව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම්දීමෙන් අනතුරුවය.

සිද්ධියට අදාළ මුල් වාර්තාව සහ නඩු භාණ්ඩ මේ වනවිටත් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය වෙත යොමු කර ඇති බව ද මහේස්ත්‍රාත්වරයා සඳහන් කර තිබේ. අධිකරණය හමුවේ කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා ඇත්තේ, අල්ලස් කොමිසම විසින් මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර ඇති බැවින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩු කටයුත්ත අවසන් කරන ලෙසයි.

මෙහි පළමු සැකකරු වන කපිල චන්ද්‍රසේන මහතා මියගොස් ඇති බවත්, ඔහුගේ මරණ පරීක්ෂණ වාර්තාව මෙතෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබී නොමැති බවත් විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දී තිබේ.

එමෙන්ම, සැකකාරියක වන ප්‍රියංකා නියෝමාලි සහ ශමින්ද්‍ර රාජපක්ෂ යන අය සම්බන්ධයෙන් විවෘත වරෙන්තු නිකුත් කර ඇති බව ද අධිකරණයේදී අනාවරණය වී ඇත.

තාත්තේ අද ළඟ ඉන්න බැරි වුණත්.. හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ 81 වැනි ජන්ම දිනයට නාමල්ගෙන් සංවේදී සටහනක්

තාත්තේ අද ළඟ ඉන්න බැරි වුණත්.. හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ 81 වැනි ජන්ම දිනයට නාමල්ගෙන් සංවේදී සටහනක්

මෙම නඩුවේ සිව්වන සැකකරු වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අදාළ සිද්ධිය සම්බන්ධයෙන් හෙට (19) දිනය දක්වා බන්ධනාගාර භාරයේ රඳවා තැබීමට මහාධිකරණය නියෝග කර ඇති බව ද විමර්ශන නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

අද දිනයේදී නාමල් රාජපක්ෂ මහතා බන්ධනාගාර නිලධාරීන්ගේ භාරය යටතේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු කටයුත්ත අවසන් කිරීමට නියෝග කර ඇත.

කෙසේ වෙතත්, මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුත්ත මෙලෙස අවසන් කිරීම සැකකරුවන් අදාළ චෝදනාවලින් නිදහස් කිරීමක් නොවේ.

සිද්ධියට අදාළව ගොනු කර ඇති අධිචෝදනා සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු මහාධිකරණය හමුවේ ක්‍රියාත්මක වීමට නියමිතය.

රාජාංගනයේ සද්ධාරතන හිමි ඇතුළු දෙදෙනෙකු අනුරාධපුරයේදී අත්අඩංගුවට

රාජාංගනයේ සද්ධාරතන හිමි ඇතුළු දෙදෙනෙකු අනුරාධපුරයේදී අත්අඩංගුවට