හයිටි අගමැතිගෙන් ශ්‍රී ලංකා සාම සාධක හමුදාවට ඉහළම ප්‍රසාදය

Report

හයිටි රාජ්‍යයේ සන්නද්ධ කල්ලි මර්දනය කිරීම සඳහා ක්‍රියාත්මක කළ ඒකාබද්ධ ආරක්ෂක මෙහෙයුමකට සක්‍රීයව දායක වූ ශ්‍රී ලංකා හමුදා සාමාජිකයින් වෙත එරට වැඩබලන අග්‍රාමාත්‍ය ඇලික්ස් ඩිඩියර් ෆිල්ස්-අයිමේ මහතා සිය ප්‍රසාදය පළ කර තිබේ.

හයිටියේ ග්‍රෝස් මෝර්න්  ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින්, හයිටි ජාතික පොලීසිය, කල්ලි ප්‍රහාරක බලකාය සහ එහි යොදවා සිටින ශ්‍රී ලංකා හමුදා සාමාජිකයින්ගේ ඒකාබද්ධ සහභාගීත්වයෙන් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.

සුගීෂ්වර බණ්ඩාරට ඇප

සුගීෂ්වර බණ්ඩාරට ඇප

එහිදී ‘කොකොරට් සැන් රාස්’ නමැති සන්නද්ධ කල්ලිය ඉලක්ක කර ගනිමින් ආරක්ෂක අංශ ක්‍රියාත්මක වී ඇති අතර, එම කල්ලියේ සාමාජිකයින් සතුව තිබූ නීතිවිරෝධී ගිනි අවි සහ පතරොම් රැසක් අත්අඩංගුවට ගැනීමට ද සමත්ව තිබේ.

මෙම මෙහෙයුම සම්බන්ධයෙන් හයිටියේ වැඩබලන අග්‍රාමාත්‍යවරයා සිය නිල X ගිණුම ඔස්සේ විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා හමුදාව ඇතුළු ආරක්ෂක අංශ වෙත සිය ස්තූතිය පළ කර ඇත.

රාජාංගනයේ සද්ධාරතන හිමි ඇතුළු දෙදෙනෙකු අනුරාධපුරයේදී අත්අඩංගුවට

රාජාංගනයේ සද්ධාරතන හිමි ඇතුළු දෙදෙනෙකු අනුරාධපුරයේදී අත්අඩංගුවට

එහිදී ඔහු අවධාරණය කර ඇත්තේ, සන්නද්ධ කල්ලි මර්දනය කිරීමේ මෙහෙයුම් කිසිසේත් නතර නොකරන බවත්, එම මෙහෙයුම් රට පුරා අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් සන්නද්ධ කල්ලිවලට කිසිදු විවේකයක් ලබා නොදෙන බවත්ය.

හයිටියේ ආරක්ෂක තත්ත්වය පාලනය කිරීම සඳහා ක්‍රියාත්මක ජාත්‍යන්තර ආරක්ෂක මෙහෙයුම්වලදී ශ්‍රී ලංකා හමුදා සාමාජිකයින් දක්වන දායකත්වය මෙම ප්‍රකාශය තුළින් ද විශේෂ ඇගයීමට ලක්ව තිබේ.