ණය ගන්න එක ප්‍රශ්නයක් නෙවෙයි අපි බලයට එන්නත් කළින් කිව්වේ අපි ආවහමත් ණය ගන්නවා කියලා - මාලිමාවෙන් පැහැදිලි කිරීමක්
රට පවත්වාගෙන යෑමට ඕනෑම ආණ්ඩුවකට ණය ගැනීමට සිදුවන බවත් එසේ ණය ගැනිම ගැටළුවක් නොවන බවත් ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සඳහන් කරයි.
ඒ අනුව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ, මාලිමා රජය පත්වීමට පෙර සිටම සිය පාලන කාලය තුළ ණය ගැනීමට සිදුවන බව ප්‍රකාශ කළ බවයි "ණය ගන්නවා කියන එක ප්‍රශ්නයක් නෙවෙයි. අපි බලයට එන්නත් ඉස්සෙල්ලා කිව්වේ අපි ආවහමත් ණය ගන්නවා කියලා" යනුවෙන්.
සලේගේ කම්පියුටරේට අත තිබ්බොත් මේ රටේ යුද්ධයට සම්බන්ධ වුණ සියලුම කාරණා ලෝකෙටම ඕපන් වෙනවා - ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
එමෙන්ම විපක්ෂයෙන් එල්ල කරන දේශපාලන පලිගැනීම් පිළිබඳ චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව ඔහු පවසා ඇත. ඒ පලිගැනීමේ අවශ්‍යතාවයක් රජයට තිබුණේ නම්, එය බලයට පත්වූ විගසම සිදු කරන බව සඳහන් කරමින්.
එමෙන්ම ඔහු අවධාරණය කළේ මේවන විට සිදුවෙමින් ඇත්තේ වසර එකහමාරක පමණ කාලයක සිට ක්‍රියාත්මක වන විධිමත් අධිකරණ ක්‍රියාවලියක් බවයි.
ඒ අනුව සුනිල් කුමාර මහතා ප්‍රකාශ කළේ යම්කිසි පුද්ගලයෙක් බන්ධනාගාරගත වන්නේ නම්, එය සිදුවන්නේ නිවැරදි අධිකරණ ක්‍රමවේදයක් හරහා මිසක් දේශපාලන පලිගැනීනක් නිසා නොවන බවයි.