සලේගේ කම්පියුටරේට අත තිබ්බොත් මේ රටේ යුද්ධයට සම්බන්ධ වුණ සියලුම කාරණා ලෝකෙටම ඕපන් වෙනවා - ආන්දෝලනාත්මක හෙළිදරව්වක් [VIDEO]
රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ පරිගණකය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් අදහස් දක්වා ඇත.
ඒ ඊයේ(14) දින මහනුවර පැවති හමුවකට සම්බන්ධ වෙමින්. එහිදී ඔහු පවසා සිටියේ අත්අඩංගුවේ පසුවන සලේ මහතාගේ පරිගණකයේ මුරපද ලබාගැනීම සීයඅඩීය විසින් සිදු කළොත් රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවයි.
එමෙන්ම යුද්ධය සම්බන්ධ සියලු තොරතුරු එම පරිගණකයේ ඇති බවත් ඔහු විසින් ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ,
ලෙඩ ඇඳේ ඉන්න නිසා හැමදාම නීතීඥ සහය ඕනේ නෑ ඒක සලේගේ මානසික විවේකයටත් හොඳ නෑ - එවපු ලියුම්වලට සලේගේ බිරිඳට ශානිගෙන් පිළිතුරු
“දැන් කියනවා, "සලේගේ පරිගණකයේ තියෙන මුරපද ටික දීපන්" කියලා. ඒකට අත තියනවා කියන්නේ මතක තියාගන්න මේ රටේ සම්පූර්ණයෙන්ම මේ යුද්ධයට සම්බන්ධ වෙච්ච සියලුම කාරණා මුළු ලෝකයටම විවෘත කරන වැඩපිළිවෙළක්. මම අර කිව්වේ, භෞතික භාණ්ඩ සොරකම් කරනවාට වඩා වැඩි සොරකමකින් මේ රටේ අපේ භෞමික අඛණ්ඩතාවයට පහර දීලා තියෙනවා කියලා. අපේ ස්වෛරීත්වයට පහර දීලා තියෙනවා. දැන් මේ සලේගේ ක්‍රියාවලිය ගත්තායින් පස්සේ, තමුන්නාන්සේලා දන්නවා ඔහු පාස්කු ප්‍රහාරය සම්බන්ධ වැඩකටයුතු කරලා තියෙනවා නම්, ඔහුව අත්අඩංගුවට අරගෙන, ඔහුගෙන් කටඋත්තර ලබාගෙන, ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා. ඒක ගැන කිසිම ගැටලුවක් නැහැ. අපි ඒකට අඬන්නෙත් නැහැ, කෙඳිරිගාන්නෙත් නැහැ. හැබැයි දැන් මොකක්ද මේ කියන්නේ? දැන් කියනවා, "සලේගේ පරිගණකයේ තියෙන මුරපද ටික දීපන්" කියලා. මේ මොකක්ද කියන්නේ? අර ආපු දිගුදුරු විහිදුම් බලකායන් ගිහිල්ලා කරපු ක්‍රියාදාමය සිද්ධ කළේ එතනින්. හැබැයි ඒකට අත තියනවා කියන්නේ මතක තියාගන්න මේ රටේ සම්පූර්ණයෙන්ම මේ යුද්ධයට සම්බන්ධ වෙච්ච සියලුම කාරණා ලෝකයටම විවෘත කරන වැඩපිළිවෙළක්. මේක තමයි දැන් ක්‍රියාත්මක කරන්නේ. මේක මහ ලොකු දෙයක් නෙමෙයි වගේ අඟවමින් සලේගෙන් ඉල්ලනවා, "මුරපද ටික දීපන්, අපිට මේ පරිගණකය අරින්න ඕනේ" කියලා. ඒක එයාගේ පෞද්ගලික බූදලයක් නෙමෙයි. මේ රටේ තොරතුරු ටික, රටේ බුද්ධි තොරතුරු ටික, රටේ ත්‍රස්තවාදය සම්බන්ධයෙන් තියෙන තොරතුරු ටික, වගේම හෙට අනිද්දා වෙන්න තියෙන ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් ඉතිහාසගත කරපු බුද්ධි තොරතුරු ටික තමයි මේ රටේ විවෘත කරන්න හදන්නේ."
සුරේෂ් සලේට මරණ දඬුවම? මොන දඬුවම දුන්නත් අපි විරුද්ධ නෑ හැබැයි නීතියට පරීක්ෂණ වෙන්න ඕනේ - සැර ප්‍රකාශයක් එළියට
අද සිට 20 වැනි දා තෙක් දිවයින පුරා ක්‍රියාත්මකයි - සියලුම රාජ්‍ය ආයතන, පාසල් සහ නිවාස වෙත මේ නිලධාරීන් එයි
අඳාළ වීඩියෝව උපුටා දක්වා ඇත,