ඕමානයේ හැංගිලා ඉද්දි අත්අඩංගුවට ගෙන ආ සමිට්පුර චතූ වමාරයි - තොරතුරු රැසක් එළියට

Report

රැඳවුම් නියෝග මත කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ සිටින දිමුතු චතුරංග හෙවත් 'සමිට්පුර චතූ' නැමැති සංවිධානාත්මක අපරාධකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ තවත් තොරතුරු රැසක් හෙළි වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඔහුගෙන් ලබාගත් තොරතුරුවලට අනුව ඊයේ (21) දින වැල්ලම්පිටිය, සේදවත්ත ප්‍රදේශයේ පාළු නිවසක සූක්ෂම ආකාරයට සඟවා තිබූ මෙරට නිෂ්පාදිත බවට සැක කෙරෙන රිවෝල්වර වර්ගයේ ගිනිඅවියක් විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

28 හැවිරිදි වියෙහි පසුවන මොහු ශ්‍රී ලංකාවෙන් පලාගොස් ඕමාන්හි සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන පසුගිය 18 වැනි දින මෙරටට රැගෙන එනු ලැබුවා.

මීට සුළු මොහොතකට පෙර අගෝස්තු 22 දිනය පුරා වලංගු නිවේදනයක්

මීට සුළු මොහොතකට පෙර අගෝස්තු 22 දිනය පුරා වලංගු නිවේදනයක්

ඉන්පසුව කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් රැඳවුම් නියෝග මත සැකකරුව තබාගෙන ඔහුගෙන් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කිරීම් සිදුකරන බව සඳහන්.

එමෙන්ම මීට පෙරද සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී, විදේශයක සිට මෙරටට ගෙන එන ලද බවට සැකකෙරෙන රිවෝල්වරයක් සහ සජීවී පතරොම් 12ක් මට්ටක්කුලිය ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී සොයාගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය සමත් ව තිබුණා.

තවද සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන පවත්වයි.

මොවුන් දැක්කොත් වහාම අමතන්න - ශ්‍රී ලංකා පොලීසියෙන් මහජන සහය පතා නිවේදනයක්

මොවුන් දැක්කොත් වහාම අමතන්න - ශ්‍රී ලංකා පොලීසියෙන් මහජන සහය පතා නිවේදනයක්

කැරට් 24 රන් පවුමක් ලක්ෂ 4ක්.. ලංකාවම හොය හොය හිටපු අද රන් මිල ගණන් මෙන්න

කැරට් 24 රන් පවුමක් ලක්ෂ 4ක්.. ලංකාවම හොය හොය හිටපු අද රන් මිල ගණන් මෙන්න