හිටපු රාජකීය දෛවඥ සුමනදාස පැය 3ක් උත්තර බඳී - මෙන්න විස්තරේ එළියට
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණි හිටපු රාජකීය දෛවඥ සුමනදාස අබේගුණවර්ධන මහතා පැය තුනක පමණ ප්‍රකාශ ලබාදීමෙන් පසු පිටව ගොස් ඇත.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ඔහු අද (10) උදෑසන 10.15ට පමණ පැමිණියේය.
ඒ අල්ලස් කොමිසම විසින් සිරිලිය සවිය සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහාය.
