සෝමාලියාව සෙලවෙයි . 13 ක් ජීවිතක්ෂයට
By Hashan
සෝමාලියාවේ අගනුවර වන මොගඩිෂු හි දමාන්යෝ හමුදා කඳවුරේ බඳවා ගැනීමේ මධ්‍යස්ථානයක ඊයේ (18) මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
අදාළ බෝම්බ ප්‍රහාරය නිසා පුද්ගලයන් 13 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
බෝම්බ ප්‍රහාරය එල්ලවන විට හමුදා කඳවුරේ ගේට්ටුව අසල තරුණයක් රැසක් සිට ඇති අතර, ඒ හේතුවෙන් මියගිය සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව වාර්තා වේ. කෙසේ වෙතත් අදාළ ප්‍රහාරයෙන් පසු තුවාල ලැබූ පිරිස කඩිනමින් එරට හමුදා රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
2023 දී වසරේදී ද මෙම දමාන්යෝ කඳවුර ඉදිරිපිට පිහිටි තවත් කඳවුරක සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් හමුදා සෙබළුන් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඒ අනුව මෙම ප්‍රහාරය එම ප්‍රහාරයට සමාන සිදුවීමක් බව විදෙස් වාර්තාවන්හි වැඩිදුරටත් දැක්වේ.