සැප්තැම්බර් 1වන බදාදා සිට අත්‍යවශ්‍ය භාණ්ඩයක් මිලදී ගත හැකි මිල මෙන්න...
එළැඹෙන සැප්තැම්බර් 01 බදාදා සිට දුඹුරු සීනි කිලෝවක් රුපියල් 130ක උපරිම මිලකට ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. ඒ, සතොස සහ සමූපකාර අලෙවිසල් ජාලය මඟින්.
සීනි හිඟයක් රට තුළ මවාපාමින් කූට වෙළෙඳුන් සීනි මිල ඉහළ දැමීම නිසා පීඩාවට පත් ජනතාව වෙනුවෙන් මෙම පියවර ගනු ලබන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්න අලගියවන්න මහතා පැවසුවා.
මෙරට මාසික සීනි පරිභෝජනය මෙට්‍රික්ටොන් 45,000ක් බවත් ඉන් මෙට්‍රික්ටොන් 23,000ක් ජනතාවගේ පරිභෝජනය සඳහා යොදා ගැනෙන බවත්, ඉතිරිය වෙනත් අවශ්‍යතා සඳහා ගැනෙන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා. ඒ අනුව මෙරට ජනතාවගේ දෛනික සීනි පරිභෝජනය මෙට්‍රික්ටොන් 1,500ක් වන බවයි ඔහු පැවසුවේ.
සීනි සඟවා ඇති ගබඩා වැටලීම් සිදුකරන බවත් තවත් ගබඩා 3ක් මුද්‍රා තැබීමකට කටයුතු කර බවත් ඔහු සඳහන් කළා. ඒ ගබඩාවල සීනි මෙට්‍රික්ටොන් 600ක් තිබුණු බව වාර්තා වී තිබෙන බවත් මේ ගබඩා 3ම සීදුව ප්‍රදේශයේ ගබඩා වන අතර ලැබුණු තොරතුරු නිසා මෙට්‍රික්ටොන් 4,800ක් සීනි සඟවාගෙන සිටි ගබඩාවට මුද්‍රා තැබූ බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.
එමෙන්මලංකා සීනි සමාගම හරහා අද (30) දිනයේ සිට සියලුම සතොස, සමුපකාර ඇතුළු රජයේ අලෙවි ආයතන වෙත සීනි බෙදාහැරීම ආරම්භ කරන බව අපනයන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි.
ඔහු ප්‍රකාශ කළේ, ලබන බදාදා සිට සතොස සහ සමුපාකාර වෙළෙඳසැල් හරහා දුඹුරු සීනි කිලෝවක් රුපියල් 130ක උපරිම සිල්ලර මිලක් යටතේ ලබාදීම වෙනුවෙන් එලෙස බෙදාහැරීම් කටයුතු ආරම්භ කරන බවය.
"ලංකා සීනි සමාගම මගින් සතොස ආයතනයට මේ වනවිට සීනි අවශ්‍ය ප්‍රමාණය ලබාදී තිබෙනවා. රුපියල් 130 ගානේ මේ රටේ ජනතාවට සහන මිලට සීනි ලබාදෙන්න කියලා. අපි බලාපොරොත්තුවෙනවා මේ රටේ තිබෙන සියලුම සමුපකාර වෙළෙඳසැල් සඳහා සීනි ලබාදෙන්න. ලංකා සීනි සමාගම සහ ගල්ඔය සීනි සමාගම කියන ආයතන දෙකෙන්ම අපි බලාපොරොත්තුවෙනවා මේ රටේ තිබෙන සියලුම සමුපකාර සමිතිවලටත්, සතොස ආයතනවලටත් සීනි ලබාදෙන්න. අපි මේ රටේ ජනතාවට කියන්නේ වැඩි මිලට සීනි ගන්න එපා. අපි මේ ආයතනවලට කියලා තියෙන්නේ ඔවුන්ට විකිණීමට හැකි උපරිමය රුපියල් 130යි කියලා."
මේ අතර උතුරු මැද හා නැගෙනහිර පළාත්වල සිදුකරන ලද විමර්ශනවල දී ලියාපදිංචි නො කළ වී ගබඩා 52ක වී මෙට්‍රික් ටොන් 8,000ක ප්‍රමාණයකට ගත වූ සතියක කාලය තුළ දී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මුද්‍රා තබා තිබෙනවා.
එමෙන්ම ගත වූ දින 02 තුළ දී ගම්පහ සහ සීදුව ප්‍රදේශයේ පිහිටි සීනි ගබඩා 03ක මෙට්‍රික් ටොන් 5,400කට ආසන්න ප්‍රමාණයකට ද මුද්‍රා තබා ඇති බව යි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ.
මෙම මුද්‍රා තබන ලද ගබඩා හිමිකරුවන්ට විරුද්ධ ව මෙම සතියේ දී අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය කටයුතු පිළිබඳ ව නීතිපතිවරයා සමඟ සාකච්ඡා කර තිබෙනවා.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනතට අනුව මෙම ලියාපදිංචි නො කරන ලද ගබඩා හිමිකරුවන්ට රුපියල් 1,000 සිට රුපියල් 10,000 දක්වාත්, සමාගමක් නම් රුපියල් 10,000 සිට රුපියල් 100, 000 දක්වා මුල්‍යමය දඩයක් හෝ මාස 6ක සිර දඩුවමක් ලබා දිය හැකියි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |