විශේෂ දැනුම්දීමක් - මේ ප්‍රදේශවලට අද ජලය නෑ

Report

අඹතලේ සිට කඩුවෙල ප්‍රදේශය දක්වා ජලය සපයනු ලබන ප්‍රධාන සැපයුම් නල මාර්ගයේ හදිසි බිඳ වැටීමක් සිදුව ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

මෙම තත්ත්වය හේතුවෙන් අද (මැයි 10) පස්වරු 1.00 දක්වා ප්‍රදේශ රැසක ජල සැපයුම තාවකාලිකව අත්හිටුවීමට සිදුව ඇත.

ජල මණ්ඩලය සඳහන් කරන පරිදි මෙම හදිසි ජල කප්පාදුව බලපාන ප්‍රදේශ වන්නේ කඩුවෙල, කොතලාවල, වැලිවිට, හේවාගම, කොරතොට, බෝමිරිය, නවගමුව, රණාල සහ කහන්තොට යන ප්‍රදේශයි.

තත්ත්වය දරුණුයි - ජනතාවට විශේෂ නිවේදනයක් - ප්‍රධාන ජලාශ 9ක් වාන් දමයි

තත්ත්වය දරුණුයි - ජනතාවට විශේෂ නිවේදනයක් - ප්‍රධාන ජලාශ 9ක් වාන් දමයි

නල මාර්ගයේ සිදුවූ බිඳ වැටීම යථා තත්ත්වයට පත් කිරීම සඳහා වන අලුත්වැඩියා කටයුතු මේ වන විටත් ආරම්භ කර තිබේ.

අලුත්වැඩියා කටයුතු නිම වූ වහාම ජල සැපයුම සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට පියවර ගන්නා බවත්, පාරිභෝගිකයින්ට සිදුවන අපහසුතාව පිළිබඳව සිය කණගාටුව පළ කරන බවත් ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ඉන්දියානූ රසිකයන් දහසක් දෙනා බලන් සිටි සුබ මොහොත මෙන්න - තලපති විජේ මහ ඇමති ලෙස දිවුරුම් දෙයි

ඉන්දියානූ රසිකයන් දහසක් දෙනා බලන් සිටි සුබ මොහොත මෙන්න - තලපති විජේ මහ ඇමති ලෙස දිවුරුම් දෙයි

පස්වරු 1.00 න් පසුව ජලය ලැබුණ ද, උස් බිම්වල පිහිටි නිවාසවලට ජලය ලැබීමට යම් ප්‍රමදයක් පැවතිය හැකි බැවින් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස මගී ජනතාවගෙන් ඉල්ලා සිටියි.