ගවුම් මල්ලිට එන්තරවාසි....වැඩ වරදින ලකුණු
නළුවෙකු සහ යූ ටියුබ් ක්‍රියාකාරියෙකු වන සුදත්ත තිලකසිරි තමාගේ කීර්ති නාමයට වූ හානිය සඳහා රුපියල් මිලියන 50ක වන්දි මුදලක් ඉල්ලමින් ඉරාජ් වීරරත්න වෙත එන්තරවාසි යොමු කර තිබෙනවා.
එම එන්තරවාසිය යොමු කර ඇත්තේ , ඉරාජ් වීරරත්න තමාට එරෙහිව අපහාසාත්මක ප්‍රකාශ නිකුත් කළ බවට චෝදනා කරමින්.
නීතීඥ ප්‍රවීණ සේනධීර මඟින් යොමු කළ අදාළ එන්තරවාසියෙහි දැක්වෙන්නේ, 2025 පෙබරවාරි 23 වන දින “ඉරාජ් ෂෝ” යූ ටියුබ් නාලිකාවේ විකාශය වූ සජීවී විකාශනයකදී සුදත්‍ත තිලකසිරි සහ ඔහුගේ පවුලේ බිරිඳ සහ සමීපතමයන් සම්බන්ධයෙන් අසභ්‍ය ප්‍රකාශ නිකුත් කර ඇති බවයි.
එම වැඩසටහනේ අන්තර්ගතය ඔස්සේ හිතාමතාම සුදත්ත තිලකසිරිට අවමාන කර ඇති බවත් එමඟින් ඔහුගේ පෞද්ගලික සහ වෘත්තීය කීර්ති නාමයට දැඩි ලෙස හානි වී ඇති බවත් එහි සඳහන් වෙනවා.
ඒ අනුව, එම වැටසටහන සහ එහි සියලුම අන්තර්ගතයන් සමාජ මාධ්‍ය අවකාශයෙන් ඉවත් කරගන්නා ලෙසත් සිය කීර්ති නාමයට සිදුවූ හානියට වන්දි ගෙවන ලෙසත් ඉල්ලා සිටින සුදත්ත තිලකසිරි පවසන්නේ, එම ඉල්ලීම් ඉටු කිරීමට අපොහොසත් වුවහොත් ඉරාජ් වීරරත්නට එරෙහිව නීතිමය පියවර ගනු ලබන බවයි.
ඉරාජ් වීරරත්න සහ සුදත්ත තිලකසිරි අතර කලක පටන් සමාජ ජාල ඔස්සේ දැඩි මත ගැටුම් ඇති වී තිබෙනවා.
අවස්ථා කිහිපයක දී මොවුන් ඒ සම්බන්ධව රහස් පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
