ගුරුවරුන් ඉල්ලා සිසුන් පාරට බසිති

Report

මඩකලපුව ඇති එකම සිංහල විද්‍යාලය වන කල්කුඩා ශ්‍රී සීලාලංකාර මහා විද්‍යාලයේ සිසුහු පිරිසක් පාසල් අධ්‍යාපන කටයුතු නිමවීමෙන් අනතුරුව, විද්‍යාලයට ස්ථිර ගුරුවරු ඉල්ලා නිහඬ විරෝධතාවයක් අද දහවල් විද්‍යාල ඉදිරිපිට සිදු කළහ.

01 වසරේ සිට 11 වසර දක්වා පන්ති පැවැත්වෙන අතර එහි සිසුන් 41 දෙනකු අධ්‍යාපනය ලබාදීමට සිටින්නේ ස්වේච්ඡා ගුරුවරු හය දෙනකු පමණක් බවද සිසුහු චෝදනා සඳහන් කළහ.

එජාපයෙන් පුංචි ආණ්ඩුවට තීරණාත්මක පියවරක්

එජාපයෙන් පුංචි ආණ්ඩුවට තීරණාත්මක පියවරක්

කල්කුඩා සීලාලංකාර විද්‍යාලයේ විශේෂත්වය වන්නේ දෙමළ හා සිංහල සිසුන් භාෂා දෙකෙන්ම අධ්‍යාපනය ලැබීමත්, අධ්‍යාපනය ලබාදීමට ස්වේච්ඡාවෙන් පැමිණෙන ගුරුවරයකු රුපියල් 800 ප්‍රවාහන ගාස්තුවක් දරා පැමිණි වසර දෙකකට ආසන්න කාලයක් මෙම දරුවන්ට අධ්‍යාපනය ලබාදීම බව, කල්කුඩා සීලාලංකාර විද්‍යාලයේ නිර්මාතෘ දේවගල දේවාලංකාර නාහිමියන් මාධ්‍යයට අදහස් දක්වමින් සඳහන් කළහ.

MANHUNT INTERNATIONAL සඳහා ලංකාවෙන් පියුමාල්

MANHUNT INTERNATIONAL සඳහා ලංකාවෙන් පියුමාල්

මඩකලපුව දිස්ත්‍රික්කයේ සිංහල විද්‍යාලය 17 තිබූ අතර යුද සමයෙහි එම විද්‍යාලය 17 ම ත්‍රස්තවාදි ප්‍රහාරවලින් වැනසීමෙන් අනතුරුව, කල්කුඩා සිංහල මහා විද්‍යාලයේ ආරම්භ කිරීමට තමන් වහන්සේ මුල පිරූ බවත්, ඒ අනුව 2022 නොවැම්බර් 02 වෙනිදා නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය අතින් විවෘත කර මඩකලපුව දිස්ත්‍රික්කයේ සිංහල හා දමිල දරුවන්ගේ අධ්‍යාපන අයිතිය ලබාදීමට කටයුතු කළ බවද නාහිමියන් සඳහන් කළහ.