MANHUNT INTERNATIONAL සඳහා ලංකාවෙන් පියුමාල්
තායිලන්තයේ මෙවර පැවැත්වෙන MANHUNT INTERNATIONAL තරගාවලිය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ප්‍රවීණ මෝස්තර නිරූපණ ශිල්පී පියුමාල් සිතුම් සහභාගී වේ.
ජුනි මස 02වැනිදා සිට 10වැනිදා දක්වා තරගාවලිය පැවැත්වෙනු ඇත. ඔහු මෙම තරගය ජයග්‍රහණය කර ශ්‍රී ලංකාවට කිරුළ රැගෙන ඒමට මේ දිනවල උපරිමයෙන් කටයුතු කරමින් සිටින බව වාර්තාවේ.
එසේම පියුමාල් දැනටමත් මෙම තරගාවලියේ ලෝකයේ සෙසු සියලු රටවල නිරූපණ ශිල්පීන් අභිබවා ඩිජිටල් මාධ්‍ය අංශයේ අංක 1 ස්ථානයේ පසුවේ.
මේ අතර මිස් වර්ල්ඩ් 2025 තරගාවලිය මේවන විට ඉන්දියාවේ තෙලුන්ගනා ප්‍රාන්තයේදී ආරම්භ වී තිබෙනවා. එහි ශ්‍රී ලංකාව නියෝජනක කරමින් අනුධි ගුණසේකර සහභාගී වී සිටිනවා.