අනේ අපොයි සිසුවෙක් අතුරුදහන්
හැටන් සිංගිමලේ ජලාශයට ඇදවැටී පාසල් සිසුවෙක් අතුරුදන් වී ඇති බව හැටන් පොලීසිය සඳහන් කරයි.
අතුරුදන්ව ඇත්තේ 13 වසරේ අධ්‍යාපනය ලබන ශිෂ්‍යයෙකු වන අතර, ඔහු ඊයේ (08) පස්වරුවේ මිතුරන් හය දෙනෙකු සමඟ ඡායාරූප ගැනීම සඳහා සිංගිමලේ රක්ෂිතයට ගොස් ජලාශයේ වේල්ලෙන් ගමන් කරමින් සිටියදී ජලාශයට ඇද වැටී තිබේ.
ජලාශයේ ජල මට්ටම ඉහළ බැවින් ශිෂ්‍යයාගේ සිරුර සොයා ගැනීමට මෙතෙක් නොහැකි වී ඇති අතර, සෙවීම සඳහා පොලිස් ජීවිත ආරක්ෂක අංශය සහ නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක සහයත් ඉල්ලා තිබේ.
මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ, අයුතු සිසුවාගේ දෙමව්පියන් විදේශගතව සිටින අතර ඔහු හැටන් ප්‍රදේශයේ බෝඩිමක වාසය කරමින් පරිඝණක පංති සඳහා ගමන් කර ඇති බවත්, එම අවස්ථාවේදී මෙම අනතුරට මුහුණ දී ඇති බවත්ය.