මෙවර කොතලාවල කැම්පස් එකේ වෙනසක්

Report

2025- 2026 අධ්‍යයන වර්ෂය සඳහා කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් වීමේ අවස්ථාව කැඩෙට් නිලධාරීන්ට සහ විදෙස් සිසුන්ට පමණක් හිමි වන බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කර සිටියා. 

මෙවර කොතලාවල කැම්පස් එකේ වෙනසක් | Student Can Medical Degree Kotelawala This Year

එසේම කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ 2025- 2026 කණ්ඩායම සඳහා ශිෂ්‍යයින් බඳවා ගැනීම සම්බන්ධයෙන් පළ කර ඇති දැන්වීමක වගන්ති නිවැරදි කිරීමක් සිදු කළ යුතු බව අද (22) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියා.   

විශ්වවිද්‍යාල සිසුන්ට අලුත් ආරංචියක් (VIDEO)

විශ්වවිද්‍යාල සිසුන්ට අලුත් ආරංචියක් (VIDEO)

පසුගිය රජය මඟින් ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් ඇතුළත් කර ගැනීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබුණා.

ඒ, දේශීය සිසුන් සඳහා ත්‍රිවිධ හමුදාවට හෝ පොලීසියට කැඩෙට් නිලධාරියෙකු ලෙස බැඳීමෙන් පමණක් සහ විදේශීය සුදුසුකම් ලත් සිසුන් සඳහා මුදල් ගෙවීමේ පදනම් මත පමණක් වෛද්‍ය උපාධිය ලබා දීමේ පෙර පැවති ක්‍රමවේදය වෙනස් කරමින්.

ඒ අනුව, 2024 අධ්‍යයන වර්ෂයේ සිට සුදුසුකම් සපුරා ඇති දේශීය අයදුම් කරුවන්ද මුදල් ගෙවීමේ පදනම මත වෛද්‍ය උපාධි පාඨමාලාව සඳහා ඇතුළත් වීමට අවස්ථාව හිමිවුණා.

අද ශ්‍රී ලංකා ජනරජ දිනය

අද ශ්‍රී ලංකා ජනරජ දිනය