කාලගුණය දරුණු වේ - ප්‍රදේශ කීපයකට තද සුළං
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දිවයින හරහා දැනට පවතින සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද සුළං ඇති විය හැකි බව පවසයි.
එම දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් මේ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇති අතර, එය හෙට (15) පස්වරු 08.30 වන තෙක් වලංගු වේ.
මෙම තත්ත්වය හමුවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මධ්‍යම පළාත, සබරගමුව පළාත, උතුරු පළාත, උතුරු-මැද පළාත, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය සහ හම්බන්තොට දිස්ත්‍රික්කය යන ප්‍රදේශ සඳහා ජීවත් වන ජනතාව වඩාත් සැලකිලිමත් වියයුතු බවට දැනුම් දී ඇත.
නිරිතදිග මෝසම් බලපෑම හේතුවෙන් ඉහත සඳහන් කළ පළාත් සහ දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝමීටර් 40 ත් 50 ත් (40-50 km/h) අතර ප්‍රමාණයේ තද සුළං ඇති විය හැක.
මීට අමතරව, දිවයිනේ සෙසු ප්‍රදේශවල ද විටින් විට පැයට කිලෝමීටර් 30 ත් 40 ත් (30-40 km/h) අතර තරමක තද සුළං ඇති වීමේ හැකියාවක් පවතින බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
එබැවින් අකුණු අනතුරු මෙන්ම තද සුළඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.