ටින් අංකය ගැන රජයෙන් විශේෂ දැනුම්දීමක් - ටින් අංකේ නැතිනම් ආයේ මේවා කරන්න බෑ

Report

මෙරට බදුගෙවන්නා හඳුනා ගැනීමේ අංකය හෙවත් ටින් අංකය තවත් පුද්ගලයින් ලක්ෂ 04 කට ආසන්න පිරිසක් මේ වන තෙක් නිසි පරිදි ලබාගෙන නොමැති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිල වශයෙන් පවසයි.

එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ රජයේ නව නීතිරීති ක්‍රියාත්මක වීමත් සමඟ මේ වන විට මෙරට පුද්ගලයින් මිලියන 13 කට වැඩි පිරිසක් සිය ටින් අංකය සාර්ථකව ලබාගෙන ඇති බවයි.

වත්මන් නීතියට අනුව වයස අවුරුදු 18 සම්පූර්ණ වූ සියලුම ශ්‍රී ලාංකික පුද්ගලයින් ටින් අංකය ලබාගැනීම අනිවාර්යය කර ඇති අතර, ඒ අනුව මෙරට සමස්ත පුද්ගලයින් මිලියන 17 ක පමණ පිරිසක් නිල වශයෙන් ටින් අංකය ලබා ගත යුතු වන බව ද දේශීය ආදායම් දෙපාර්තමේන්තු වාර්තාවල සඳහන් වෙයි.'

ශ්‍රී ලංකාව තුළ TIN අංකය ගැන දැනුම්දීමක් - මහජනතාවට විශේෂ නිවේදනයක්

ශ්‍රී ලංකාව තුළ TIN අංකය ගැන දැනුම්දීමක් - මහජනතාවට විශේෂ නිවේදනයක්

මේ අතර, මෑතකදී සම්මත කරන ලද 2026 අංක 11 දරන දේශීය ආදායම් සංශෝධිත පනත් කෙටුම්පතට අනුව මේ වනවිට රට තුළ සිදුවන විවිධ අත්‍යවශ්‍ය දෛනික කාර්යයන් සහ සේවාවන් රැසක් සදහා මෙම ටින් අංකය ඉදිරිපත් කිරීම සම්පූර්ණයෙන්ම අනිවාර්යය කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විශේෂයෙන් සලකා දක්වයි.

ඒ අනුව ඕනෑම වාණිජ බැංකුවක අලුතින් බැංකු ගිණුම් විවෘත කිරීම, මෝටර් රථ වාහන අලුතින් ලියාපදිංචි කිරීම සහ වාර්ෂිකව ඒවා අලුත් කිරීම, නව ව්‍යාපාර නිල වශයෙන් ලියාපදිංචි කිරීම, විවිධ ව්‍යාපාරික සමාගම්වල කොටස් නීත්‍යානුකූලව හුවමාරු කිරීම සහ බැංකුවලින් ක්‍රෙඩිට් කාඩ් පත් ලබා ගැනීම ඇතුළු විවිධ ප්‍රධාන පෙළේ මූල්‍ය හා වාණිජ ගනුදෙනු රැසක් සදහා මෙම ටින් අංකය අනිවාර්යයෙන්ම තිබිය යුතු බවට නීති පනවා තිබේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ, අදාළ නව සංශෝධිත පනතට අනුව පුද්ගලයින් සතු ටින් අංකය තවදුරටත් රහස්‍ය තොරතුරක් ලෙස රජය මඟින් නොසලකන බවයි.

2025 (2026) අ.පො.ස. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අවසන් - විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

2025 (2026) අ.පො.ස. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අවසන් - විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්