එල්ලිනෝ සමග මෝසමත් සක්‍රීය වේ - පැය 24ක් යනකම් මේ පලාත් සහ දිස්ත්‍රික්ක සඳහා අවදානම් රජය කල්තියා දැනුම් දෙයි
උතුරු, උතුරු-මැද, වයඹ සහ මධ්‍යම පළාත් මෙන්ම රත්නපුර, මොනරාගල, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක සඳහා තද සුළං පිළිබඳ විශේෂ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
දිවයින හරහා පවතින සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් මෙම කාලගුණික වෙනස්වීම සිදුවී ඇති බව අදාළ නිවේදනයේ සඳහන් වේ.
ඒ අනුව, එම පළාත් සහ දිස්ත්‍රික්කවලට විටින් විට පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර ප්‍රබලත්වයකින් යුත් තද සුළං ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.