ඒකාබද්ධ කාලසටහන්වලට විරුද්ධව ලංගම වර්ජනය ඇරඹෙයි
ඒකාබද්ධ කාල සටහන්වලට විරෝධය පළ කරමින් අද(28) ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (SLTB) සේවකයන් වර්ජනයක නිරත වන බව වාර්තා වේ.
මෙහිදී ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිතිය හැර, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වෘත්තීය සමිති අටෙන් හතක්ම මෙම වර්ජනයට සහයෝගය දක්වන බව සඳහන් වේ.

රට හදනවා කියලා ඇවිල්ලා මොන මඟුලක් කරනවද කියලා දෙයියෝ තමයි දන්නේ,අපිට පුළුවන් ද පුද්ගලික අංශයත් එක්ක තරඟ කරන්න, ලංගමේ ගැටලු එක හුස්මට
ඒ අනුව, වර්ජනයට එක්වන සියලු වෘත්තීය සමිති ඊයේ (27) දින නාරාහේන්පිට පිහිටි ලංකා ගමනාගමන මණ්ඩලයේ මූලස්ථානය ඉදිරිපිටදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව නිවේදනය කළහ.
එහිදී ශ්‍රී ලංකා නිදහස් සේවක වෘත්තීය සමිතියේ බන්දුල රත්නායක;
“ඒකාබද්ධ කිරීමට අපි විරුද්ධ නොවෙමු, නමුත් මේ මොහොතේ එවැනි දෙයක් කළ නොහැකිය. දවස පුරා බස් ධාවනය කිරීමට නම් බස් රථ 6,500ක් අවශ්‍ය වුවත්, අප සතුව ඇත්තේ බස් 4,000ටත් අඩු ප්රමාණයකි.
එම නිසා පුද්ගලික අංශය සමඟ තරඟ කිරීමට අපට නොහැකිය. ඇමතිතුමා අපට කිසිදු සාකච්ඡාවක් ලබාදුන්නේ නැත. ලංගම දැනටමත් බලවත් අර්බුදයකින් ගමන් කරයි. මේ සඳහා සුදුසු වැඩපිළිවෙළක් සකස් වන තුරු අපි බස් ධාවනයෙන් ඉවත් වෙනවා”
වර්ජනය ක්‍රියාත්මක කරන බවට ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් වෘත්තීය සමිති ප්‍රකාශ කළ ද ඊයේ මධ්‍යම රාත්‍රී සිට කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළෙන් ධාවන කටයුතු ආරම්භ කරන බස් රථ සාමාන්‍ය පරිදි ගමන් ආරම්භ කළ බව 'ගගන' වාර්තාකරුවන් සඳහන් කළේය.
එහිදී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් රියදුරෙකු සඳහන් කළේ, කිසිදු ගැටලුවකින් තොරව අද දිනයේ බස් රථ ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බවය.
