රට හදනවා කියලා ඇවිල්ලා මොන මඟුලක් කරනවද කියලා දෙයියෝ තමයි දන්නේ,අපිට පුළුවන් ද පුද්ගලික අංශයත් එක්ක තරඟ කරන්න, ලංගමේ ගැටලු එක හුස්මට

Report

අද මධ්‍යම රාත්‍රියේ සිට ලංගම සේවකයන් පිරිසක් වර්ජනයකට සැරසෙන බව ශ්‍රී ලංකා නිදහස් ජාතික ප්‍රවාහන සේවක සමිතියේ ප්‍රධාන ලේකම් බන්දුල රත්නායක මහතා මාධ්‍ය හමුවක් තබමින් ප්‍රකාශ කළා.

ඒ අනුව ඔහු පවසා සිටියේ ලංගම සහ පෞද්ගලික අංශ ඒකාබද්ධ කිරීමට විරුද්ධ නැතත් ඔවුන්ගේ තිබෙන අඩුපාඩු නොතකා සාකච්ඡා නොකර ගෙන ඇති මෙම තීරණය නිසා දැනටමත් ඔවුන් විශාල අර්බුදයක සිටින බවයි.

අද මේ වෙලාවේ ඉඳන් ලංගමත් වර්ජනයක්

අද මේ වෙලාවේ ඉඳන් ලංගමත් වර්ජනයක්

එසේම අඳාළ ගැටලු සාකච්ඡා කිරීමට ඇති නිලධාරීන් පවා නිහඬව ඇති පසුබිමක මෙම තීරණය ගත් බවයි.

ඒ අනුව ඔහු තවදුරටත් සඳහන් කළේ,

"ප්‍රවාහන අමාත්‍යවරයාත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවත් එකතු වෙලා තීන්දුවක් අරන් තිබුණා ලංගම සහ පෞද්ගලික අංශ ඒකාබද්ධ කරන්න. ඒකාබද්ධ කරාට අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. විරුද්ධ නැහැ. හැබැයි තියෙන ප්‍රශ්නේ තමයි මේ වෙලාවේ ඒකාබද්ධයකට යන්න පුළුවන් ද කියන ප්‍රශ්නේ. මොකද දෛනිකව දුවන්න ලංගම බස් රථ 6500ක් ඕනේ. ඒත් මේ වෙනකොට තියෙන්නේ 4000ට අඩු ප්‍රමාණයක් දුවන්නේ. ප්‍රමානවත් රියදුරු කොන්දොස්තර මහත්තුරු නැහැ මේ වෙලාවේ.

රියදුරු බලපත්‍රය ගැන ගත්තු අලුත්ම තීරණය, මීට පස්සේ ලයිසන් ගන්න ඕනේ මෙහෙම

රියදුරු බලපත්‍රය ගැන ගත්තු අලුත්ම තීරණය, මීට පස්සේ ලයිසන් ගන්න ඕනේ මෙහෙම

එහෙම තත්ත්වෙක අපිට පුළුවන් ද පුද්ගලික අංශයත් එක්ක තරඟ කරන්න. මේ බලාපොරොත්තු වෙන අරමුණට යන්න පුළුවන්ද? අපි අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළා අපිට සාකච්ඡාවක් දෙන්න කියලා. අනෙක් ආයතන, ලංගම සභාපතිවරයා දැනුවත් කරා. කවුරුත් මේකට විසඳුමක් දෙන්නේ නැහැ. මේක මහ රෑ මහ කළුවරේ බස් රථ ටික දුවන්න ගත්තා 25 රෑ ඉඳන්ම් ඒකාබද්ධ කාලසටහනකට. මේකට අපි විරුද්ධයි. අපි සේවකයන්ට වැටුප් ගෙවලා ආයතනය පවත්වා ගෙන යන්නෙත් අමාරුවෙන්. ඒ අස්සේ ජාතික දේපළ ආරක්ෂා කරනවා රට හදනවා කියලා ඇවිල්ලා මොකක්ද කරන්නේ කියලා තමයි ප්‍රශ්නේ. මේක කියන්න කෙනෙක් නෑ. ඒ නිසා අද රෑ 12න් පස්සේ අපි වර්ජනය කරන්න තීරණය කළා." යනුවෙන්.

විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු මෙන්න - සිසුන් තේරී ඇති පාඨමාලාව සහ විශ්වවිද්‍යාලය

විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු මෙන්න - සිසුන් තේරී ඇති පාඨමාලාව සහ විශ්වවිද්‍යාලය