තාමත් අවසන් එකඟතාවයක් නෑ ඒ නිසා අත්සන ගැහුවේ නැහැ - ජනපති[VIDEO]

Report

අමෙරිකාව සහ මෙරට අතර බදු ප්‍රතිපත්තිය පිළිබඳව තවමත් කිසිදු අවසන් එකඟතාවයක් ගෙන නොමැති බවත් ඒ වෙනුවෙන් ගිවිසුමකට එළැඹ නැති බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

තවද ජනපතිවරයා අවධාරනය කළේ අමෙරිකාව, ශ්‍රී ලංකාවෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ මත පැනවූ අනෝන්‍ය තීරු බදු ප්‍රතිශතය සියයට 20 දක්වා අඩුකර ගැනීමට සමත් වූ බවයි.

දෙවන පාසල් වාරය අවසන්, ඊළඟ වාරේ පටන් ගන්නේ මෙහෙමයි

දෙවන පාසල් වාරය අවසන්, ඊළඟ වාරේ පටන් ගන්නේ මෙහෙමයි

එසේම එය ඉදිරියේදී තවදුරටත් අඩුකරගැනීමට සාකච්ඡා කරමින් සිටින බව ද ඔහු සඳහන් කළා. ඔහු මේ බව සඳහන් කළේ රටේ ආර්ථික තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අතරතුර පාර්ලිමේන්තුව අමතමින්.

ඒ අනුව මෙතෙක් පැවති සාච්ඡාවලදී යම් යම් එකඟතාවයන්ට පැමිණ ඇති බවත් එහි ප්‍රතිඵලයක් වශයෙන් බදු ප්‍රතිශතය 20% දක්වා අඩුකර ගැනීමට හැකිවූ බවත් පැවසූ ඔහු වැඩිදුරටත් කියා සිටියේ,

ලොකු ලූනු ලොකුවට අරන් අවම මිලක් දෙන්න රජයෙන් ප්ලෑන් එකක්

ලොකු ලූනු ලොකුවට අරන් අවම මිලක් දෙන්න රජයෙන් ප්ලෑන් එකක්

"අපේ වෙළෙඳ පරතරය මත තමයි අපිට 44%ක් ලැබෙන්නේ. ඒක තමයි ඔවුන්ගේ මූලධර්මය. එය 44% - 20% දක්වා අඩුකර ගැනීම සාකච්ඡා සහ ඔවුන් සහ අප අතර තිබෙන එකඟතාවයේ වැදගත් ප්‍රතිඵලයක් ලෙස අපි කල්පනා කරනවා. ඒ ගැන හැම තීන්දුවක් ගැනීමේදීම සමහර HS CODE ප්‍රමාණයක් ඔවුන්ට නිදහස් කළ යුතුව තිබෙනවා. ඊට බලපාන කර්මාන්තකරුවන්, ව්‍යවසායකයින් එක්ක අපි සාකච්ඡා කළා. අපි යම් කේෂ්ත්‍රයක් විවෘත කිරීම ගැන සාකච්ඡා කරන්නේ නම් ඊට අදාළ පාර්ශවකරුවන් ගෙනල්ලා සිදුවන බලපෑම ගැන නිරන්තරයෙන් කතා කරමින් තමා අපේ කණ්ඩායම මේ සාර්ථකත්වයට පත්වුණේ. එහෙම නැතුව කාමරයක් ඇතුළේ කරන කුමන්ත්‍රණයක් විදියට නෙමෙයි. ඒ නිසා මෙයට සහභාගී කරගත හැකි සෑම පාර්ශවකරුවෙක්ම සහභාගී කරවා ගන්න අපි වගකිව යුතු ලෙස අපි කටයුතු කළා. ඒ නිසා එක්සත් ජනපදයේ බදු ප්‍රතිපත්තිය මත ඔබතුමන්ලා බලාපොරොත්තු වුණා නම් ආර්ථිකයේ බිඳවැටීමක් ඒකත් දැන් අවසන්. තාමත් අවසන් එකඟතාවයක් නෑ. අපිට 20%ක් තිබුණා. අපි තාමත් උත්සාහ දරනවා ඒ 20%ත් අඩු කරගන්න පුළුවන් ද කියලා සාකච්ඡා අපි ආරම්භ කරලා තියෙනවා. ඒක තමා රට පැත්තෙන් අපි ගත යුතු තීරණය."

අනිද්දට ලෑස්ති වෙලා ඉන්න, විශේෂ දැනුවත් කිරීමක්

අනිද්දට ලෑස්ති වෙලා ඉන්න, විශේෂ දැනුවත් කිරීමක්