උත්සව සමයට උපායක්..රාජ්‍ය ඇමති චන්නගෙන් ප්‍රකාශයක්..?

By Sewvandhi Dec 14, 2021 02:50 AM GMT
Sewvandhi

Sewvandhi

Report

එළඹෙන උත්සව සමයේ දී සංචරණ සීමා පැනවීමකින් තොර ව උපාය මාර්ගික ව තත්ත්වය කළමනාකරණය කිරීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළා.

එසේම ඊයේ දිනයේත් කොරෝනා ආසාදිතයින් 747ක් සහ මරණ 27ක් ද වාර්තා වුණා. උත්සව සමය ආරම්භ වීමත් සමඟ ජනතාව වැඩි වශයෙන් ඒකරාශී වීම ඉතා අහිතකර තත්ත්වයක් විය හැකි බවට සෞඛ්‍ය අංශ දිගින් දිගට ම අවධාරණය කර සිටිනවා.

ඒ හේතුවෙන් සාමුහික වශයෙන් ඒකරාශී වී හැකිතාක් අවම කරන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ. කෙසේ නමුත්, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ඊයේ පැවති මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේ, නත්තල් සමය හෝ අලුත් අවුරුදු සමය කේන්ද්‍ර කර ගනිමින් සංචරණ සීමා පැනවීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි. එ

සේම, රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන ප්‍රකාශ කළේ, සීමා පැනවීම් සිදු නො කර බූස්ටර් එන්නත ලබාදීම ඇතුළු එන්නත්කරණ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට එළඹෙන උත්සව සමයේ දී පියවර ගෙන ඇති බවයි.

මේ අතර, ඊයේ දිනයේත් කොරෝනා ආසාදිතයින් 747ක් වාර්තා වූ අතර මරණ 27ක් ද වාර්තා වුණා. ඒ අනුව මේ වන විට කොරෝනා ආසාදිත පුද්ගලයින් 13,575ක් නිවෙස් තුළ, රෝහල්වල සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල තවදුරටත් ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now