ඔන්න රනිල්ටත් ජනපති වරප්‍රසාද එපාලු
හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද ඉවත් කිරීමට එරෙහිව අධිකරණයට නොයන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම පක්ෂයේ ක්‍රියාකාරීන්ට පසුගියදා දැනුම් දී ඇතැයි වාර්තාවේ.
ඒ වගේම හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද වරප්‍රසාද ඉවත් කිරීමට එරෙහිව අධිකරණයට නොයන බව පසුගියදා ප්‍රකාශ කර තිබුණි.
එසේම වරප්‍රසාද අහිමි කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරුන් සමග කණ්ඩායමක් වශයෙන් සාකච්ඡා නොකළ බවද රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත.
මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරුන් පසුගිය දිනවල ස්ථාන දෙකකදී හමු වූ අවස්ථාවේදී තමා සමග මේ ගැන යම් යම් අදහස් ප්‍රකාශ කළ බවද රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.