ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පුටු දෙකක පුරප්පාඩු
ප්‍රියන්ත වීරසූරිය මහතා, පොලිස්පති ධූරයට පත්වීමත් සමඟ ඔහු දැරූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයත් නිලන්ත ජයවර්ධන මහතා, සේවයෙන් පහකිරීමත් සමඟ ඔහු එතෙක් දැරූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයත් මේ වන විට පුරප්පාඩුව පවතින බවට වාර්තා වේ.
ඒ අනුව මෙම තනතුරු දෙකට පත්වීමට නියමිතව සිටින්නේ දැනට ශ්‍රී ලංකා පොලිසියේ සිටින නියෝජ්‍ය පොලිස්පතිවරු 50ක් පමණ වූ පිරිසක් අතරින් ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළින්ම සිටින නියෝජ්‍ය පොලිස්පතිවරු දෙදෙනා බව ද සඳහන්.
එනිසා අඳාළ මෙම පුරප්පාඩු තනතුරු දෙක සඳහා පොලිස් මූලස්ථාන පරිපාලන නියෝජ්‍ය පොලිස්පති මෙන්ම උතුරු මැද පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිධූරයේ වැඩ ආවරණය කරමින් සිටින කලක් පොලිස් මාධ්‍ය ප්‍රකාශක වශයෙන් ද සේවයේ නිරතව සිටි බුද්ධික සිරිවර්ධන සහ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ වශයෙන් සේවයේ නිරතව සිටින නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා පත්කරනු ඇති බව පවසයි.
එමෙන්ම ඊට අඳාළ නිර්දේශ ද එළඹෙන සඳුදා වන විට ජාතික පොලිස් කොමිෂන් සභාවට පොලිස්පතිවරයා මඟින් යොමු කෙරනු ඇති බවට ද පොලිස් මූලස්ථාන තොරතුරු වාර්තා කර තිබෙනවා.