යාපනයේ පෞද්ගලික බස් රථයක් ගිනිගනී
යාපනයේ නවතා දමා තිබූ පෞද්ගලික බස් රථයක් හදිසියේ ගිනිගත් සිදුවීමක් වාර්තා වේ.
නල්ලූර් - කිට්ටුප්පුංග ප්‍රදේශයේ නවතා තිබූ බස් රථයකින් මෙම සිදුවීම සිදුවී ඇත.
යාපනය නගර සභාවේ ගිනි නිවන භටයින් ඉක්මන්ව අදාළ ස්ථානයට වාර්තා කර තීව්‍රතාවය පාලනය කිරීමට පියවර ගෙන ඇත.
මෙම හදිසි අනතුරට හේතුව තවමත් විමර්ශනය කරන බවද වාර්තා වේ.


