ඉතිහාසයේ නොදුටු ලෙස ගාසාහි දරුවන් සාගතයෙන් මිය යයි [PHOTOS]
ගාසා තීරයේ පවතින දැඩි ආහාර හිඟය හේතුවෙන් දරුණු සාගත තත්ත්වයක් උද්ගත වී ඇති අතර, ඉතිහාසයේ මෙතෙක් කිසිදා නොදුටු ඇස නොගැටුණු මට්ටමකින් කුඩා දරුවන් මියයමින් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවයි.
එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂ ටෙඩ් චයිබන් පෙන්වා දුන්නේ, ගාසා තුළ ව්‍යාප්තව පවතින මෙම සාගත තත්ත්වය අවසන් කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව වහාම ක්‍රියාත්මක විය යුතු බවය.
ගාසා තීරයේ සහ ඊශ්‍රායලයේ සංචාරයකින් පසුව, නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඔහු පවසා සිටියේ, ළමුන් සඳහා අවශ්‍ය ආහාර, කිරිපිටි සහ සනීපාරක්ෂාත්මක ද්‍රව්‍ය රැගත් ට්‍රක් රථ 1,500ක් පමණ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලෙන් සූදානම් කර ඇති නමුත්, ඒවායේ ඉතා අඩු සංඛ්‍යාවක් පමණක් ගාසා වෙත ඇතුළු වීමට අවසර ලැබී ඇති බවය.
මෙම තත්වය මතුකරන ඉල්ලුම සඳහා මේ වන විට ලබාදිය හැකි උදව් ප්‍රමාණවත් නොවන බවද නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂවරයා අවධාරණය කළේය. මෙම සාගත තත්ත්වය ස්වභාවික සාගතයක් නොවේ.
එය ඊශ්‍රායලය විසින් කිසිදු මානුෂිය හැගුමකින් තොරව නිර්මාණය කරන සගතයකි. වගා කිරීමට පොළොවක් නැහැ. ඊශ්‍රායලය සියල්ල බෝම්බ දමා විනාශ කර අවසන්. ආහාරයක් ගැනීමට අතේ මුදල් නැහැ ආහාර ගැනීමට වෙලදසැලක් තියා මරණය අතේ'රැගෙන දුවන කුඩා දරුවන් පමණයි ඉතිරි.
කුඩා කුඩාරම් ගසා තමා උපන් මව්රටේම සරණාගතයන් වී සිටින ගාසා ජනතාවට ලෝකයා විසින් ඇතැම් ආහාර හා බෙහෙත් සහනාධාර ලබා දුන්නද එම ට්‍රක් රථ දේශසිමාවෙන්ම හරවා යැවීමට ඊශ්‍රායලය කටයුතු කරයි.
ලැබෙන කුඩා හෝ සහල් පිටි වැනි ද්‍රව්‍ය ගැනීමට දරුවන්ව කුඩාරම් වල තබා එන පියවරුන්ව කිසිම හේතුවක් නොමැතිව ඊශ්‍රායලය හමුදාව විසින් වෙඩි තබා ඝාතනය කරයි.
පියා ආහාර ගෙන නැවත එනතෙක් දරුවන් කාන්තාවන් මග බලා සිටි.
කිසිදු වරදක් නොකළ අතිශයින් කුඩා මාස ගණන් දින 'ගණන් වල දරුවන් පවා කිසිදු ලෙඩක් නොමැතිව බඩගින්න යන එකම දෙය හේතුවෙන් වේදනා විද ක්ෂය වී මිය යාමට ඊශ්‍රායලය සලස්වයි.
මනුෂ්‍යයා විසින් තවත් මනුෂ්‍යයෙක්ට කළ හැකි ඉතිහාසයේ වඩාත් අමානුෂිකම ක්‍රියාව මේ මොහොතේත් ඊශ්‍රායලය අහිංසක ගාසා ජනතාවට සිදු කරමින් සිටියි.
ඒ සියල්ල දෙස ලෝකයා වන අප ඇස් කන් වසා සාක්ෂිකාරයෝ වෙමු?




















