පුලුවන්නම් බස්සලා පෙන්නන්න - කලින් ආණ්ඩුව විදුලි බල මණ්ඩලේ කෑලි කරද්දී කටේ පිට්ටු තියන් හිටපු වෘත්තිය සමිති නායකයෝ අද කයිය ගහනවා
නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී.සරත් මහතා මාධ්‍ය හමුවකදී විදුලි බල මණ්ඩලය විසින් සිදුකරන වැඩවර්ජන පිලිබදව තම අදහස් ප්‍රකාශ කළේය.
ඔහු පැවසුවේ,
"විදුලි බල මණ්ඩලයේ වෘත්තිය සමිති හැමදාම හවසට මෙහෙම කරනවා කියනවා.කවුද නිදහස් සේවක සංගමේ?කවුද ජාතික සේවක සංගමේ.මීට අවුරුද්දකට කලින් කාංචන විදුලි බල ඇමති වෙලා ඉන්නකොට කෑලි 12කට කඩලා විදුලි බල මණ්ඩලය පුද්ගලීකරණය කරන්න හිටියේ,ඒ පනත පාර්ලිමේන්තුවේ සම්මත කරලා තිබ්බා.ඒ පනත එන ඔක්තෝබර් වෙද්දි සක්‍රිය වෙන්න තිබ්බේ.
ඒ කාලේ සම්මත වුනේ අපේ කාලේ සක්‍රිය වෙන්න තිබ්බේ.අපි මොකක්ද කලේ අපි කෑලි 12කට කඩන එක කෑලි 4කට කඩලා ඒ කෑලි 4ම රජයේ සමාගම් කරා.ඊට පස්සෙ එලියේ සමාගමක් කරනවා වෙනුවට ඇතුලේ රජයේ සමාගමක් කරලා තියෙන්නේ.එදා කටපියාගෙන හිටපු වෘත්තිය සමිති නායකයෝ එදා කටේ පිට්ටු හිර වෙලා හිටපු අය අද කයිය ගහනවා.ඔය හතර පස් දෙනා විතරයි.පුලුවන්නම් බස්සලා පෙන්නන්න කියන්නකෝ.ඒ නිසා චිත්‍රපටි වලට අහුවෙන්න එපා.ජනතාවක් එක්ක ඉන්න ආණ්ඩුවක් මේ ඇවිත් ඉන්නේ.මේ ආණ්ඩුව වෙනස් කරන්න බෑ කාටවත්ම" යයි පැවසුවේ.