රාජ්‍ය ව්‍යාපාරවලින් භාණ්ඩාගාරයට රුපියල් මිලියන 757.4ක ලාභාංශ හිමි වෙයි

Report

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින රාජ්‍ය ව්‍යාපාරවලින් රුපියල් මිලියන 757.4ක ලාභාංශ භාණ්ඩාගාරයට ලබාදී ඇත.

ඒ අමාත්‍යාංශය යටතේ ඇති ලංකා මිනරල් සෑන්ඩ්, BCC Lanka Limited, ජාතික ලුණු සමාගම, ලංකා පොස්පේට් සමාගම සහ ලංකා කහටගහ ග්‍රැෆයිට් ලිමිටඩ් යන ආයතන නව රජය යටතේ ලබාගත් ලාභාංශවලින් කොටසක් අද (07) දින පාර්ලිමේන්තුවේ දී කම්කරු සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්තට සහ මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම වෙත නිල ලෙස භාර දී තිබෙනවා.

ලංකා මිනරල් සෑන්ඩ් ආයතනය වෙනුවෙන් ආයතනයේ වැඩබලන සභාපති ගයාන් වෙල්ලාල රුපියල් මිලියන 500ක මුදලක් ඉකුත් මාස 9කදී ලැබූ ලාභාංශවලින් කොටසක් වශයෙන් භාණ්ඩාගාරයට ලබා දී ඇත.

එසේම 2025 වර්ෂය අවසාන වන විට රුපියල් බිලියන 5ක ආදායම් ඉලක්කවලට යාමට උත්සාහ කරන බවටද ඔහු පැවසුවා.

ශ්‍රී ලංකා රේගුවට බිලියන ගාණක ආදායමක්

ශ්‍රී ලංකා රේගුවට බිලියන ගාණක ආදායමක්

මේ අතර BCC Lanka Limited ආයතනය වෙනුවෙන් එහි සභාපති H.A. ප්‍රසන්න ඉන්ද්‍රජිත් රුපියල් මිලියන 50ක් එම ආයතනයේ ලාභාංශවලින් කොටසක් වශයෙන් භාණ්ඩාගාරයට ලබා දී තිබෙනවා.

එහි විශේෂත්වය නම් BCC ආයතනය දිගින් දිගටම පාඩු ලැබූ හෙයින් ඈවර කිරීමට නියමිතව තිබූ ආයතනයක් වීමයි. එහෙත් එම ආයතනය මේ වර්ෂයේදී මිලියන 105ක ස්ථාවර තැන්පතු රැස් කර ගැනීමට සමත්ව ඇත.

එසේම ජාතික ලුණු සමාගම වෙනුවෙන් එහි සභාපති ගයාන් වෙල්ලාලගේ රුපියල් මිලියන 100ක ලාභාංශ භාණ්ඩාගාරයට ලබා දීමට කටයුතු කළා. ලංකා පොස්පේට් ආයතනය වෙනුවෙන් මෙම අවස්ථාවට එම ආයතනයේ සභාපති ආනන්ද ප්‍රේමකුමාර සහභාගි විය.

එමෙන්ම එතුමා ඉදිරි සතිය තුළ රුපියල් මිලියන 100ක් භාණ්ඩාගාරය වෙත ලබාදෙන බව ද සඳහන් කළා.

මේ අතර ලංකා ග්‍රැෆයිට් ආයතනය වෙනුවෙන් එහි සභාපති P.V.A හේමලාල් මෙම අවස්ථාවට සහභාගි වූ අතර එතුමන් රුපියල් මිලියන 7.4 ක මුදලක් භාණ්ඩාගාරයට මීට පෙර ලබා දුන් බවත් සඳහන් කළා.

එම ආයතනය භාණ්ඩාගාරයට මුදල් ලබා දී තිබුණේ වසර 14 කින් පසුව වීම විශේෂත්වයක් වේ. කෙසේ වුවත් මෙසේ ලබාදුන් මුදල්වල එකතුව රුපියල් මිලියන 757.4ක් විය.

ඒ අනුව මෙම අවස්ථාවට කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය වෙනුවෙන් අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර ඇතුලු නිලධාරීන් සහභාගී වූ බව වාර්තා විය.

ලංකාවට ලෝක බැංකුවෙන් දැඩි අනතුරු ඇඟවීමක්

ලංකාවට ලෝක බැංකුවෙන් දැඩි අනතුරු ඇඟවීමක්

වාහන ගන්නද ඉන්නේ? හිතාගන්න බැරි විදිහට මිල බැහැලා

වාහන ගන්නද ඉන්නේ? හිතාගන්න බැරි විදිහට මිල බැහැලා