සරසවි සිසුවියක් කන්දකින් වැටී මරුට...
මාවනැල්ල, උතුවන්කන්ද සරදියල් ගල නැරඹිමට පැමිණි පේරාදෙණිය සරසවියේ සිසුවියක්, එම පර්වතයෙන් ඇද වැටිම හේතුවෙන් ජිවිතක්ෂයට පත්ව ඇති බව මාවනැල්ල පොලිසිය සඳහන් කර සිටියි මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 27 ක් වන ඇල්පිටිය ප්‍රදේශයේ තරුණියක් වන අතර ඇය ඇතුලු සිසු සිසුවියන් 60 කට ආසන්න සංඛ්‍යාවක් අද උදෑසන සරදියල් ගල නැරඹිට පැමිණ ඇත්තේ පේරාදෙණියේ සිට මගී බස් රථ වලිනි.
පසුව සරදියල් ගල නැරඹිමට උතුවන්කන්දේ සිට පා ගමනින් කන්ද නැග ඇති අතර එහිදි කන්දේ ඉහල කොටසේදි මෙම අනතුර සිදු වන්නට ඇති බවයි මාවනැල්ල පොලිසිය සඳහන් කර සිටියේ. මෙම සිසුවිය උපාධිය ලබා සිටින නමුත් විශ්ව විද්‍යාලයේ තව දුරටත් අධ්‍යාපන කටයුත්තක නිරත වන බවයි පොලිසිය සඳහන් කළේ.
ඒ අතරතුර සරදියල් ගල නැරඹිමටත් එහි යම් යම් අධ්‍යයන කටයුතු වලටත් මෙහි සංචාරය කරන්නට ඇති බවයි මාවනැල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයා සඳහන් කර සිටියේ.
මේ වන විට දේහය මාවනැල්ල මහ රෝහලේ තැන්පත් කර ඇති අතර මාවනැල්ල පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරනු ලබනවා.