තරුණයන් දෙදෙනෙකුට දිවි අහිමි කළ අවාසනාවන්ත දුම්රිය අනතුර..

Report

දුම්රියේ ගැටීමෙන් වේයන්ගොඩ වඳුරව ප්‍රදේශයේදී දුම්රියේ ගැටීමෙන් තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 

 මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 18 සහ 19 යන වයස්වල පසුවන එම ප්‍රදේශයේම පදිංචි තරුණයින් දෙදෙනෙක් වන අතර තරුණයින් දුම්රිය මාර්ගයේ ගමන්කරමින් සිටියදී බදුල්ල සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියේ ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා. 

 මෙම තරුණයින් දෙදෙනා දුරකථනය භාවිත කරමින් දුම්රිය මාර්ගයේ ගමන්කරමින් සිට ඇති බවයි වැඩිදුරටත් තොරතුරු අනාවරණය වී ඇත්තේ. ඔවුන් විනෝද චාරිකාවක් සඳහා යෑමට වඳුරව දුම්රිය ස්ථානය කරා ගමන්කරමින් සිටියදී මෙම අවාසනාවන්ත අනතුරට මුහුණ දී තිබෙනවා.

මියගිය තරුණයින් දෙදෙනාගේ දේහයන් වතුපිටිවල රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකිරීමට නියමිත වන අතට වේයන්ගොඩ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකළා.