පරිස්සමෙන් තරුණියක් ගැන ඇහෙන භයානකම ප්‍රවෘත්තියක් මෙන්න..
By Sithumi
කලවන්චිකුඩි කලුදාවලි ප්‍රදේශයේ දී විෂ සහිත මත්ස්‍ය වර්ගයක් ආහාරයට ගැනීමෙන් තරුණියක් මිය ගොස් ඇති බව පොලීසිය පවසනවා.
ඇයගේ මවද අසාධ්‍ය තත්ත්වයෙන් මඩකළපුව රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසුවේ.
ඊයේ (08) කලුදාවලි වෙරළ තීරයේ ධීවරයින් විසින් ඉවත්කර තිබු මත්ස්‍ය වර්ගයක් මියගිය තරුණියගේ මව නිවසට රැගෙන විත් තිබෙනවා.
එම මත්ස්‍ය වර්ගය විෂ සහිත බැවින් ඒවා ආහාරයට නොගන්නා ලෙස ධීවරයින් එම කාන්තාවට දැනුම් දී තිබුණද එම ප්‍රකාශ නොසලකමින් ඒවා නිවසට රැගෙන ගොස් පිස සිය දියණිය සමග ආහාරයට ගෙන ඇති බව සඳහන් වනවා.
පසුව රෝගී වූ ඔවුන් දෙදෙනා මඩකලපුව රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී 27 හැවිරිදි දියණිය මිය ගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ