යාපනයෙන් හමු වූ කෝටි ගණනක් වටින දේ..
By Sithumi
රුපියල් කෝටි තුනකට ආසන්න වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 93 ග්‍රෑම් 200 ක තොගයක් යාපනය මාදගල්, සවුක්කාඩී වෙරළ ප්‍රදේශයේ අද (19) අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පැවසීය.
උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා අග්බෝ ආයතනය මාදගල්, සවුක්කාඩි වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ පාමුර සංචාරයකදී, සවුක්කාඩි වෙරළේ ජාකොටුවක් පරීක්ෂා කිරීමේදී පාර්සල් 40 ක අසුරා තිබූ බවත් නාවික හමුදා මෙහෙයුම් හේතුවෙන් ගංජා තොගය ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව ජාවාරම්කරුවන් මෙලෙස ජාකොටුවක් තුළ අත්හැර දමා යන්නට ඇතැයි නාවික හමුදාව කීය.