“සීයා නැති වෙද්දි මගේ වයස අවුරුදු දහතුනයි” ගාමිණී ෆොන්සේකා මහතාගේ මුණුබුරු ඉසුරු

By Sithumi Aug 21, 2022 01:39 PM GMT
Sithumi

Sithumi

Report

ලාංකීය සිනමා ක්ෂේත්‍රය තුළ හිටපු කොයි කාගෙත් ආදරය හිමිකර ගත් ප්‍රවීණ රංගන ශිල්පියෙකු තමයි ගාමිණී ෆොන්සේකා කියන්නේ. ඇත්තෙන්ම සිනමා ක්ෂේත්රයේ හැරවුම් ලක්ෂයක් බවට පත් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ රේඛාව චිත්‍රපටය හරහා සුවහසක් ප්‍රේක්ෂකයන්ගේ ආදරය හිමිකර ගන්නා ඔහු මේවෙද්දී සිනමාපට 108 කට පමණ සිය රංගන දායකත්වය ලබාදී තිබෙනවා.

මීට වසර ගණනාවකට පෙරදී එනම් වසර දහඅටකට කලින් ලාංකීය සිනමාවෙන් සමුගත් ඔහු අද වන වන විටත් හඳුන්වන්නේ සිංහල සිනමා වංශ කතාවේ සිනමා සක්විති කියන අන්වර්ථ නාමයෙනුයි. ඒ කොහොම වෙතත් අද අපි මේ විදිහට කතා කරන්න යන්නේ ඔහුගේ පරම්පරාවෙන් පැවත එන ඔහුගේ රංගන පෞරුෂය ඉදිරියට ගෙනයන්න සමත් වෙච්ච ආදරණීය චරිතයක් ගැනයි. ඒ ගාමිණී ෆොන්සේකා මහතාගේ ආදරණීය මුණුබුරෙක් වන ඉසුරු ගැනයි. ඇත්තෙන්ම ගාමිණී ෆොන්සේකාගේ පවුලේ එක් පුරුකක් බවට පත් ඉසුරු සිය සීයා ගැන එහෙමත් නැතිනම් ගාමිණී ෆොන්සේකා ගැන කියන්නේ මෙන්න මේ විදිහේ කතාවකුයි. 

 “සීයා නැති වෙද්දි මගේ වයස අවුරුදු දහතුනයි. මම විතරක් නෙවෙයි ලොකු අම්මලගෙ පුතාලත් හිටියා. අපි රංගන ක්ෂේත්‍රයට ඇතුළු වෙනවා දකින්න සීයා ආසාවෙන් හිටියද කියලා දන්නේ නැහැ ඒත් ඒ පැත්තට අපිව තල්ලු කරන්න සීයා උත්සාහ කළේ නැහැ. හැබැයි ටිකක් උස් මහත් වෙද්දි රඟපාන්න තියෙනවා නම් හොඳයි කියන එක හිතට ආවා ඒ නිසා මම එවැනි අවස්ථාවකට සම්බන්ධ වෙන්න උත්සාහ කළා. ඒත් මට අවස්ථාවක් ලැබුණේ නැහැ මොකද ඒ කාලේ මම ගොඩක් කෙට්ටු නිසා වෙන්න ඇති” ඉතින් මේ විදිහට අදහස් දක්වන ඔහු මේවෙද්දී රඟපාන්නෙ නැති උනත් තමන්ගේම කියලා ව්‍යාපාරයක් ආරම්භ කරමින් ඔහුටම කියලා ආදායම් මාර්ගයක් ගොඩ නගාගෙන තියෙනවා. 

කොහොම වෙතත් සීයා වගේම කලාවට යම් කිසි දෙයක් දායාද කරන්න ඕනි කියන තැන හිටපු ඉසුරු පුංචි කාලේ ඉඳන්ම ඔහු දක්ෂ වෙච්චි නර්තන කලාව ඉදිරියට ගෙනියන්න උත්සාහ කරනු ලැබුවා. ඊට පස්සේ සුරාජ් මාපා ගේ නර්තන තරඟයකට සහභාගි වෙලා ඒක සමත් වෙලා පසුකාලීනව දක්ෂ නර්තනවේදී එක්වන ගයාන් ශ්‍රීමාල් අඳුන ගන්නවා. ඉතින් ගයාන් තමයි ඔහුගේ පළවෙනි නර්තන ගුරුවරයා බවට පත්වෙන්නේ. එතැන් පටන් නර්තනය හදාරන ඉසුරු වසර දහයක කාලයක් ඒ නර්තනය වෘත්තියක් ලෙස සිදු කරනවා. නමුත් ඒ වෘත්තිය තුළින් ජීවිතය ජය ගැනීමට අපහසු වීම නිසාවෙන්ම ඔහු තමන්ගේම කියල ව්‍යාපාරයක් ආරම්භ කිරීමට පටන් ගත්තා. 

කොහොම නමුත් නර්තනයෙන් පස්සේ ඔහු මේ වෙද්දි කලා ලෝකයට අවතීර්ණ වෙලා කියලත් ආරංචි වෙනවා. ඇත්තෙන්ම වෙළඳ දැන්වීම් වලට සහභාගි වෙච්ච ඉසුරුට මෑතකදී චිත්‍රපටයක සුළු චරිතයක් කරන්නත් වාසනාව ලැබිල තිබෙනවා. ඉතින් සිය සීයා ගාමිණී ෆොන්සේකා මහතාගේ ආභාෂය තුළින් සියලු දේවල් දැන කියාගෙන ඉදිරියට හොඳ රංගධරයෙක් වෙලා කලා ක්ෂේත්‍රය වෙනුවෙන් සේවය කරන්න ඔහුට හැකියාව ලැබේවා කියල අපි ප්‍රාර්ථනා කරන්නෙමු.