ඒ ජරමර අස්සේ මොකද මේ වෙන්න යන්නේ... ලංකාවේ තේ කර්මාන්තයටත් බලපෑම්...

Gagana news Sri lankan sinhala news Ceylon Tea
By Subodha Mar 01, 2022 05:19 AM GMT
Subodha

Subodha

Report

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම හේතුවෙන් දෙරටේ ම ඇති වී තිබෙන ආර්ථික පරිහානිය මෙරට තේ කර්මාන්තය කෙරෙහි අහිතකර ලෙස බලපානු ඇතැයි විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.

පසුගිය වසරේ දී රුසියාව මෙරට තේ කිලෝග්‍රෑම් මිලියන 29.7ක් මිල දී ගත්තේ ඉරාකය සහ තුර්කියට පසු තුන්වන විශාලතම ගැනුම්කරු ලෙසින්.

එමෙන්ම, මේ වසරේ ජනවාරි මාසයේදී ද රුසියාව තේ කිලෝග්‍රෑම් මිලියන 2.5ක් මිල දී ගත්තා. ඒ අනුව පසුගිය මාසයේ මෙරට තේවල දෙවන විශාලතම ගැනුම්කරු වූයේ රුසියාවයි.

කෙසේ නමුත්, යුක්රේන ආක්‍රමණ හමුවේ බටහිර රටවල් පැනවූ සම්බාධක හේතුවෙන් රූබලය ඊයේ සියයට 30කින් පමණ පහත වැටුණා.

එමෙන්ම, රුසියාව ජාත්‍යන්තර ස්විෆ්ට් මුදල් හුවමාරු ක්‍රමවේදයෙන් ඉවත් කිරීමට ද බටහිර රටවල් තීරණය කළා.

ඇමෙරිකානු ඩොලරයට එරෙහි ව රුසියානු රූබලයේ අගය මේ වනවිට වාර්තාගත ලෙසින් පහත වැටී තිබෙනවා.

මේ නිසා රුසියානු ගැනුම්කරුවන්ට මෙරට තේ නිෂ්පාදන සඳහා ඔවුන් කලින් ලබා දුන් ඩොලර් ප්‍රමාණය ලබාදීම දුෂ්කර වනු ඇති බව සඳහන්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
join now