අනේ දෙවියනේ දියේ ගිලුණු දෙන්නා අතුරුදහන්

Death Funeral Sinhala news gagana news
By Mithu Aug 21, 2025 05:18 AM GMT
Mithu

Mithu

Report

ප්‍රදේශ දෙකකදී තරුණයින් දෙදෙනෙකු දියේ ගිලීමෙන් අතුරුදන් වී ඇති බවට පොලීසිය පවසයි. නාඋල පොලිස් වසමේ බෝවතැන්න ජලාශයේ දිය නෑමට ගිය අවුරුදු 27ක වනමැදගම, බිබිල ප්‍රදේශයේ තරුණයෙකු දියේ ගිලී අතුරුදන් වී තිබේ.

නාඋල පොලීසියට ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කිරීමේදී අනාවරණය වී ඇත්තේ ඊයේ (20) සවස් කාලයේදි මෙම අනතුර සිදුව ඇති බවයි. තවත් පුද්ගලයින් දෙදෙනෙකු සමඟ මෙලෙස බෝවතැන්න ජලාශයේ දිය නාමින් සිටියදී අදාළ තරුණයා අනතුරට පත්ව ඇති බවට නාඋල පොලීසිය සඳහන් කරයි.

2025 උසස් පෙළ විභාග කාලසටහන නිකුත් කෙරේ

2025 උසස් පෙළ විභාග කාලසටහන නිකුත් කෙරේ

මේ අතර, ඊයේ (20) අහංගම පොලිස් වසමේ අහංගම මුහුදු තීරයේ දිය නෑමට ගිය තරුණයෙකු ද දියේ ගිලී අතුරුදන් වී තිබේ. එසේ අතුරුදහන් වී ඇත්තේ අවුරුදු 24ක වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. නාවික හමුදා නිලධාරීන්ගේ ද සහාය ඇතිව නාඋල පොලීසිය සහ අහංගම පොලීසිය විසින් අතුරුදන් වූ තරුණයින් සෙවීමේ කටයුතු ආරම්භ කර ඇත.

හැමදාම පරදින්න බෑ කියලා සජිත්ව අතහැරලා නව පක්ෂයක් හදයි?

හැමදාම පරදින්න බෑ කියලා සජිත්ව අතහැරලා නව පක්ෂයක් හදයි?