අංක එකෙන් වැටුණු මහීෂ් තීක්ෂණ
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) එක්දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල ප්‍රමුඛ ස්ථානය හිමිකර ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායමේ කේෂව් මහරාජ් (Keshav Maharaj) සමත්ව ඇත.
ඒ අනුව, මීට පෙර ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ පසුවූ ශ්‍රී ලංකාවේ මහීෂ් තීක්ෂණට දෙවන ස්ථානය හිමිව තිබේ.
අයි.සී.සී. හි නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව, එක්දින පන්දු යවන්නන්ගේ තුන්වන ස්ථානය ඉන්දීය කණ්ඩායමේ කුල්දීප් යාදව්ට හිමිව ඇති අතර, සිව්වන ස්ථානය නැමීබියා කණ්ඩායමේ බර්නාට් ෂෝල්ට්ස්ට හිමිව තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ වනිදු හසරංග මෙම ශ්‍රේණිගත කිරීම්වල අටවන ස්ථානයේ පසුවන අතර, දුනිත් වෙල්ලාලගේ 32 වන ස්ථානයේ රැඳී සිටී.
