විශේෂ නිවේදනයක් ! ගුවන් තොටුපළ හා සේවා ගැන පැමිණිලි කරන්න මෙන්න අංකයක්

Report

ජනාධිපති විශේෂ විමර්ශන කමිටුව මගින් ගුවන් තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමෙහි සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙහි සිදුවූ කුමක් හෝ වංචා, දූෂණ සහ අක්‍රමිකතා ඇත්නම් ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට මහජනතාවගේ පැමිණිලි, අදහස් සහ යෝජනා ඉල්ලා සිටියි.

මෙම විශේෂ විමර්ශන කමිටුව ජනපති අනුර කුමාර දිසානායක මහතා 2025 ජූනි 30 ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශය අනුව 2025 ජූලි 01 දිනැතිව ගනු ලැබු අංක 25/1145/801/018 දරන අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව පිහිටවූ ජනාධිපති විශේෂ විමර්ශන කමිටුකි.

මේ පාසල් වලට හෙට විශේෂ නිවාඩු දිනයක්

මේ පාසල් වලට හෙට විශේෂ නිවාඩු දිනයක්

එම කමිටුව පත් කිරීමේ අරමුණ වුයේ වන් තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමෙහි සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙහි පසුගිය කාලයේදි සිදු වී ඇති වංචා, දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමයි.

එම විමර්ශන සදහා සහය දක්වමින් මහජනතාවගේ පැමිණිලි, අදහස් සහ යෝජනා ලබා ගැනීමට කමිටුව බලාපොරොත්තු වන අතර මේ සදහා සහය වී අදහස් ඉදිරිපත් කිරීමට, 2025 සැප්තැම්බර් 05 දිනට පෙර psicairport@gmail.com ඊමේල් (Email) ලිපිනයට හෝ 070-3307700 Whatsapp අංකයට තමන්ගේ ඉල්ලීම යොමු කර දිනයක් සහ වේලාවක් වෙන් කර ගන්නා ලෙස ජනාධිපති විශේෂ විමර්ශන කමිටුව නිවේදනය කරයි.

මෙන්න රට යන්න අවස්ථාවක් - තායිලන්තෙට ලාංකික ශ්‍රමිකයින් 10,000ක් ඕනෙලු

මෙන්න රට යන්න අවස්ථාවක් - තායිලන්තෙට ලාංකික ශ්‍රමිකයින් 10,000ක් ඕනෙලු