නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ඉදිරියේදී අවසන් කිරීමට කමිටුව සූදානම්

Report

නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ඉතා ඉක්මනින් සකස් කර අවසන් කිරීමට හැකිවනු ඇතැයි ඒ සඳහා පත්කරන ලද විද්වත් කමිටුව පවසයි.

අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය යටතේ පත්කරන ලද මෙම විද්වත් කමිටුව, එහි සභාපති ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා අධිකරණ අමාත්‍යාංශයේදී රැස්විය. එහිදී නව පනතට ඇතුළත් කිරීමට යෝජිත සංශෝධන පිළිබඳ දීර්ඝ සාකච්ඡා පවත්වා ඇත.

හැමදාම පරදින්න බෑ කියලා සජිත්ව අතහැරලා නව පක්ෂයක් හදයි?

හැමදාම පරදින්න බෑ කියලා සජිත්ව අතහැරලා නව පක්ෂයක් හදයි?

මෙම සාකච්ඡාවට අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නෙරින් පුල්ලේ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පියමුන්ති පීරිස් යන මහත්ම මහත්මීන් ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් සහභාගී වී ඇත.

මේ වන විට කමිටුව 14 වතාවක් රැස්වී ඇති අතර, ඊළඟ සාකච්ඡාව 2025 අගෝස්තු 22 වන දින පැවැත්වීමට නියමිතය.

මේ ලයිසන්වල ගාණ වැඩි කරන්න තීරණයක්

මේ ලයිසන්වල ගාණ වැඩි කරන්න තීරණයක්

පනත් කෙටුම්පත සකස් කිරීමේදී මහජන අදහස්, සිවිල් සංවිධානවල යෝජනා, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු අන්තර්ජාතික ආයතනවල සහ ප්‍රජාවන්ගේ අදහස් ලබා ගැනීමට ද කටයුතු කර ඇත.  

2025 උසස් පෙළ විභාග කාලසටහන නිකුත් කෙරේ

2025 උසස් පෙළ විභාග කාලසටහන නිකුත් කෙරේ

අද මල් 07යි - ඔයත් ට්‍රයි කරලා බලන්න, විවාහ අපේක්ෂකයින්ට වාසනාවන්ත දිනයක්

අද මල් 07යි - ඔයත් ට්‍රයි කරලා බලන්න, විවාහ අපේක්ෂකයින්ට වාසනාවන්ත දිනයක්