මාරාන්තික රෝගයක් සෑම 5 දෙනෙකුගෙන්ම එක් අයෙකුට දරුවන්ව පරිස්සම් කරගන්න
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා පවසන්නේ බස්නාහිර පළාත තුළ සෑම පුද්ගලයින් 5 දෙනෙකුගෙන් එක් අයෙකු දියවැඩියාව රෝගය වැළදී ඇති බවයි.
මෙම තත්ත්වයට හේතුව අධික සීනි භාවිතය බවත් රට තුළ දරුවන් අතර ද සීනි භාවිතය ඉහළ ගොස් ඇති බව විශේෂඥ වෛද්‍ය සුරන්ත පෙරේරා මහතා පවසයි.
විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා,
"හෘදයාබාධ සහ අධි රුධිර පීඩනය වැඩියි. බෝ නොවන රෝග සීඝ්‍රයෙන් වැඩිවෙනවා. මරණවලින් 80%ක් සිදුවෙන්නේ බෝ නොවන රෝගවලින්. ආහාර ජීර්ණය වෙලා ග්ලුක්කෝස් ලෙස උරා ගන්නවා. දියවැඩියාව ඇතුළු රෝග රැසක්. ස්ථුලතාවය ඇති ළමුන් අතරත් දියවැඩියාව. වැඩිම සීනි පරිභෝජනය කරන රටවල් අතරට ශ්‍රී ලංකාවත්. පුද්ගලයෙක් වසරකදී සීනි කිලෝ 25ත් 30ත් අතර පරිභෝජනය කරලා.. වැඩිහිටි පුද්ගලයෙකුට දිනකට සීනි තේහැදි 3ක් හෝ 4ක්."
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය සුරන්ත පෙරේරා මහතා,
"කුඩා දරුවන් දිනක සීනි තේ හැදි 20ක් දක්වා පරිභෝජනය කරනවා. කොලෙස්ට්‍රෝල් ඇතුළු රෝග රැසක්. අමතර සීනි සහ ලුණු ආහාරවලින් ඉවත් කළ යුතුයි"