රියදුරුට නින්ද යාම නිසා කොළඹ - හොරණ මාර්ගයේ දරුණු අනතුරක්
Colombo
Hospitals in Sri Lanka
Accident
Sinhala news
gagana news
By Mithu
කොළඹ හොරණ 120 බස් මාර්ගයේ ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන යතුරුපැදියක හා මෝටර් රථයක ගැටී ඊයේ (20) සවස අනතුරක් සිදුවූ බව කහතුඩුව පොලිසිය පවසයි.
අනතුරින් කිසිවකුටත් හානි සිදුව නොමැති අතර මෝටර් රථයට හා යතුරුපැදියට හානි සිදුව ඇති බවද පොලිසිය සඳහන් කරයි. හොරණ කොළඹ 120 බස් මාර්ගයේ පොල්ගස්ඕවිට වෑතර පිහිටි හෝමාගම ප්‍රාදේශීය සභාවේ වෑතර උප කාර්යාලයට පැමිණි පිරිසක් ඒ ඉදිරිපිට නවතා කාර්‍යාලයට ගොස් තිබූ අවස්ථාවේදී හොරණ දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ඒ අසල නවතා තිබූ යතුරු පැදියක හා මෝටර් රථයක ගැටී මෙම අනතුර සිදුව තිබුණි.
අනතුරෙන් යතුරු පැදිය විසි වී අසල ජල බස්නා කානුවකට වැටී තිබූ බවත් අනතුරට හේතුව මෝටර් රථයේ රියදුරුට නින්ද යාම බවත් පොලීසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් කහතුඩුව පොලිසිය පරීක්ෂණ පවත්වති.