වාහන එපා කියපු අයම වාහන ගෙන්වයි මන්ත්‍රීවරුන්ට ඩබල් කැබ්
දේශපාලකයන් සහ රජයේ ආයතනවල භාවිතය සඳහා ඩබල් කැබ් ආනයනය කිරීමට රජය සැලකිල්ලක් දක්වමින් සිටින බවට ආරංචි වේ. නමුත් ඔවුන් බලයට පැමිණීමට පෙර සඳහන් කළේ එවැනි පහසුකම් අවශ්‍ය නොවන බවයි.
කෙසේ නමුත් ජාතික ජන බලවේගයේ ප්‍රමුඛ වත්මන් රජය බලයට පැමිණීමත් සමග මන්ත්‍රීවරුන්ට රේගු බඳු රහිතව වාහන ආනයනය කිරීම සඳහා ලබා දුන් බලපත්‍රය අත්හිටවන ලදී.
අතීතයේදී මන්ත්‍රීවරුන් මෙවැනි බලපත්‍ර යොදාගෙන මිල අධික සුඛෝපභෝගී වාහන ආනයනය කළ අතර, සමහරු මෙම බලපත්‍ර තෙවන පාර්ශ්වයන්ට රුපියල් මිලියන ගණනක මුදලකට අලෙවි කළහ. කෙසේ වෙතත්, වත්මන් රජය එක් එක් මන්ත්‍රීවරයා සඳහා වාහනයක් ලබා දීමට තීරණය කළද, මෙතෙක් කිසිදු මන්ත්‍රීවරයෙකුට වාහනයක් වෙන් කර නොමැත.
පාර්ලිමේන්තු කටයුතු භාර රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගෙන් මේ පිළිබඳව විමසූ විට, මන්ත්‍රීවරුන් සහ රජයේ ආයතන සඳහා ඩබල් කැබ් රථ ආනයනය කිරීමට රජය සලකා බලමින් සිටින බව ඔහු පැවසීය.
“මෙය දැනට අපට තිබෙන අදහසයි. නමුත් එය සිදු කරන්නේ කවදාද යන්න පිළිබඳව අපි තවම තීරණය කර නැහැ. මේ වසරේදී හෝ ලබන වසරේදී එය සිදු කරයිදැයි අපි දන්නේ නැහැ”
ඔහු වැඩිදුරටත් පැවසීය.