දුම්රිය දෙපාර්තමේන්තුවේ අලුත් පත්වීම් ලැබෙන්නේ මෙහෙමයි

Report

මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා තාක්ෂණ සේවයට අයත් නිලධාරීන් සහ දෙපාර්තමේන්තුගත තාක්ෂණ නිලධාරීන් අතර තාක්ෂණ සේවයට අයත් නිලධාරීන් සංඛ්‍යාව විසි හතරක් බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

2025 උසස් පෙළ විභාග කාලසටහන නිකුත් කෙරේ

2025 උසස් පෙළ විභාග කාලසටහන නිකුත් කෙරේ

ඒ අනුව එම ශ්‍රී ලංකා තාක්ෂණ සේවයට අයත් තනතුරු වල පවතින පුරප්පාඩු පිරවීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පර්යේෂණ සහකාර සහ සැලසුම් ශිල්පී තනතුරු වල විශේෂ පන්තියේ පුරප්පාඩු 07ක් පැවතියද සුදුසුකම් සහිත එක පන්තියේ නිලධාරීන් නොමැති කමින් පුරප්පාඩු පිරවීමට හැකියාව නොමැති බවත් පර්යේෂණ සහකාර තුන ශ්‍රේණියේ පවතින පුරප්පාඩු පහ පිරවීම සඳහා විභාග පවත්වා ඇති අතර ඉදිරියේදී පත්වීම් ලබා දීමට නියමිත බවයි අමාත්‍යවරයා පවසා සිටියේ.

මේ පාසල් වලට හෙට විශේෂ නිවාඩු දිනයක්

මේ පාසල් වලට හෙට විශේෂ නිවාඩු දිනයක්

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ මෙවැනි අදහසක්. '

'දුම්රිය නියාමක තනතුර කමිටු අනු අනුමැතිය අනුව විභාගය පවත්වා අවසන් තනතුරු සංඛ්‍යාව 136ක් බවත්, දුම්රිය එන්ජින් රියදුරු 192යි. අධීක්ෂණ කළමනාකරු 169යි. දුම්රිය තාක්ෂණික කළමනාකරණ සහකාර යාන්ත්‍රික සහ විදුලි 310යි. මූලික තාක්ෂණ ශිල්පී 384යි.

එකතුව 1191යි. රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්ය මණ්ඩල කළමනාකරණය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කළ නිලධාරී කමිටුවේ අනුමැතිය අනුව, අයදුම්පත් කැඳවා විභාගය පැවැත්වීමට නියමිත සංඛ්‍යාව දෙසිය හයයි. ඒ යටතේ, තනතුර, දුම්රිය ස්ථානාධිපති, කමිටු අනුමැතිය ලැබිලා තියෙනවා 106කට. එන්ජින් රියදුරු සහයක අනුමැතිය ලැබිලා තියෙනවා 100කට.

රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්යමණ්ඩල කළමනාකරණය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත්කළ නිලධාරී කමිටුවේ අනුමැතියට යොමුකර ඇති සංඛ්‍යාව 2150යි. ඒ තනතුරු තියෙන්නේ මේ විදියට. කමිටු අනුමැතිය සඳහා යොමු කර ඇති සංඛ් යාව, දුම්රිය නියාමක 59යි.

දුම්රිය එන්ජින් රියදුරු 06යි. අධීක්ෂණ කළමනාකරු 71යි. දුම්රිය ස්ථානාධිපති 102යි. දුම්රිය තාක්ෂණික, කළමනාකරණ සහකාර යාන්ත්‍රික විදුලි 756යි. මූලික තාක්ෂණ ශිල්පීන් 952යි, එන්ජින් රියදුරු 124යි, එන්ජින් රියදුරු සහායකය 80යි, එකතුව 2150යි. මීට අමතරව දෙපාර්තමේන්තු ගත්ත තාක්ෂණික තනතුරු වල විශේෂ පන්තිය පුරා සඳහා සම්මුඛ පරීක්ෂණ පවත්වා ඇත.''

නීතිය කැඩූ ඩයනා අත්අඩංගුවට ගැනීමට නියෝග

නීතිය කැඩූ ඩයනා අත්අඩංගුවට ගැනීමට නියෝග