එල්ල වූ ඉරාන මිසයිල සහ ඩ්‍රෝන් ප්‍රහාර හමුවේ අනතුරට ලක්වූවන් අතර ලාංකිකයෙක්
එක්සත් අරාබි එමීර් රාජ්‍යයට (UAE) එල්ල වූ ඉරාන මිසයිල සහ ඩ්‍රෝන් ප්‍රහාරවලින් තුවාල ලැබූ අතර, එම තුවාල ලැබූවන් අතර ශ්‍රී ලාංකිකයෙකුද සිටින බව වාර්තා වේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ, ශ්‍රී ලාංකිකයෙකු ඇතුළු විවිධ රටවලට අයත් පුද්ගලයින් 58 දෙනෙකු මෙම ප්‍රහාරවලින් සුළු තුවාල ලබා ඇති බවයි.
එමෙන්ම, අදාළ ප්‍රහාරවලින් පාකිස්තාන, නේපාල සහ බංග්ලාදේශ ජාතිකයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව සිටින බවද වාර්තා වේ.