ඉරාන ප්‍රතිප්‍රහාරවලින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තිදෙනෙකු මරු දකියි

Report

ඉරානය විසින් එල්ල කරන ලද ඩ්‍රෝන සහ බැලස්ටික් මිසයිල් ප්‍රහාර හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට ආරක්ෂක අමාත්‍යාංශය අද (01) නිල වශයෙන් ප්‍රකාශ කරයි.

මෙම ප්‍රහාරවලින් තවත් පුද්ගලයන් 58 දෙනෙකු සුළු තුවාල ලබා ඇති බව ද වාර්තා වේ. මියගිය පුද්ගලයන් තිදෙනා පාකිස්තාන, නේපාල සහ බංග්ලාදේශ ජාතිකයන් වන අතර, ඔවුන් එමීර් රාජ්‍යයේ සේවය කළේය.

ඉරාන ඩ්‍රෝන යානා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් ආරක්ෂක පද්ධති අභිබවා භූමියට පතිත වීමෙන් මෙම මරණ සිදුවී ඇති බව තහවුරු කර ඇත.

තෙල් මිල ගැන OPEC+ සංවිධානයෙන් හදිසි තීරණයක් - තත්ත්වය පාලනය නොවුනහොත් සියල්ල උඩුයටිකුරු වෙයි

තෙල් මිල ගැන OPEC+ සංවිධානයෙන් හදිසි තීරණයක් - තත්ත්වය පාලනය නොවුනහොත් සියල්ල උඩුයටිකුරු වෙයි

ඉරානය විසින් මුදාහැරූ බැලස්ටික් මිසයිල් 165ක් අතර, 152ක් ගුවනේදී ආරක්ෂක පද්ධති විසින් විනාශ කර තිබේ.

ඉතිරි මිසයිල 13 මුහුදට පතිත වී ඇති අතර, කෲස් මිසයිල් දෙකක් ද හඳුනාගෙන විනාශ කර ඇත. එමෙන්ම, ඉරානය විසින් සමස්තයෙන් ඩ්‍රෝන යානා 541ක් ප්‍රහාරයට යොදාගෙන ඇති අතර, ඉන් 506ක් අතරමගදී බිමට වැටී ඇත.

කෙසේ වෙතත්, ඩ්‍රෝන යානා 35ක් එමීර් රාජ්‍යයේ භූමිය තුළට පතිත වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. මැදපෙරදිග කලාපයේ පවතින මෙම යුදමය තත්ත්වය හමුවේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සිය ගුවන් ආරක්ෂක පද්ධති උපරිම මට්ටමින් ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වේ.

[WXVU5UP