අමෙරිකා - ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ඉරානයට අහිමි වූ ප්‍රධාන නායකයන් මෙන්න

Report

ඉරානයට එල්ල වූ දැවැන්ත ප්‍රහාර මාලාවකින් එරට පාලන තන්ත්‍රයේ ප්‍රබලතම චරිත කිහිපයක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බුද්ධි අංශ තොරතුරු උපුටා දක්වමින් සඳහන් වන්නේ, මෙම ප්‍රහාරවලින් සමස්තයක් ලෙස ඉරාන නිලධාරීන් 40 දෙනෙකු පමණ මියගොස් ඇති බවයි.

මියගිය ප්‍රධානතම චරිත අතර, ඉරානයේ උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි ද ඇතුළත් බව වාර්තා වේ. ඔහු ඊයේ (28) උදෑසන ටෙහෙරානයේ පිහිටි නිල කාර්යාලයට එල්ල වූ ප්‍රහාරයකින් මියගොස් ඇති බව සඳහන් වේ.

අදින් පසු නැවත දැනුම්දෙන තුරු මේ විදිහට ඉන්ධන ගන්න බෑ - ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිගෙන් දැනුම්දීමක්

අදින් පසු නැවත දැනුම්දෙන තුරු මේ විදිහට ඉන්ධන ගන්න බෑ - ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිගෙන් දැනුම්දීමක්

එමෙන්ම, ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ ගොඩබිම් හමුදාපතිවරයා වන මොහොමඩ් පක්පූර්, ජාතික ආරක්ෂක උපදේශක අලි ෂම්කානි, සහ ආරක්ෂක අමාත්‍ය අසීස් නසීර්සාදේ ද මෙම ප්‍රහාරවලින් මියගොස් ඇති බව වාර්තා වේ.

මෙවැනි ඉහළ පෙළේ නායකයන් එකවර අහිමි වීම, ඉරාන හමුදා සහ දේශපාලන ව්‍යුහයට එල්ල වූ මාරාන්තික පහරක් ලෙස සැලකේ. විශේෂයෙන්ම උත්තරීතර නායකයා සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් එකවර මියයාම හේතුවෙන්, ඉරානය තුළ දැවැන්ත පාලන හිස්තැනක් නිර්මාණය වී ඇති බවත් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

ඊශ්‍රායල් හදිසි තත්ත්වය – ලාංකිකයන් ආරක්ෂිත ද

ඊශ්‍රායල් හදිසි තත්ත්වය – ලාංකිකයන් ආරක්ෂිත ද