ලංකාවේ ධීවර කටයුතුවලට නෝර්වේ රජයේ අවධානය - නොමිලේ ලැබෙන්න යන දේ
ලංකාව තුළ ධීවර යාත්‍රා නිරීක්ෂණය සහ නීති විරෝධී ධීවර කටයුතු මර්දනය ශක්තිමත් කිරීම වෙනුවෙන් සහය ලබාදීමට නෝර්වේ රජයේ අවධානය යොමුව ඇත.
ඒ අනුව, උසස් චන්ද්‍රිකා තාක්ෂණික දත්ත පද්ධති මෙරටට ලබාදීම සම්බන්ධයෙන් නෝර්වේ රාජ්‍යයේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.
මේ පිළිබඳ අවධානය යොමුව ඇත්තේ නෝර්වේ නිල සංචාරයක නිරත ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සමඟ නෝර්වේ වෙළඳ, කර්මාන්ත හා ධීවර අමාත්‍යාංශයේ ඉහළ පෙලේ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවලදීයි.
එමෙන්ම උසස් චන්ද්‍රිකා තාක්ෂණික දත්ත පද්ධති තාක්ෂණය නොමිලේ ලබා ගැනීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව පිළිබඳව ද මෙහිදි සාකච්ඡා වී ඇති බව පවසයි.
ඒ අනුව මෙම තාක්ෂණය වඩාත් ඵලදායී ආකාරයට භාවිත කිරීම වෙනුවෙන් ධීවර අමාත්‍යාංශයේ සහ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහා විශේෂ පුහුණු වැඩසටහන් ලබාදීමට ද නෝර්වේ පාර්ශවය එකඟතාව පළකර ඇති බව වාර්තා වේ.